පුවත් සහ සිදුවීම්
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන 2026 ජගත් පරිසර දින සැමරුම “URGENT CLIMATE ACTION” (දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම) යන කාලීන හා අතිශය වැදගත් ගෝලීය තේමාවට සමගාමීව වාර්ෂිකව ජූනි මස 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් ශ්‍රි ලංකාවේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම, පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සහ ඉහළ යන උෂ්ණත්වය කළමනාකරණය කිරීම යන තේමාව මුල් කර ගනිමින් පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ රාජ්‍ය ආයතන සහ මාධ්‍ය ආයතනවල සහයෝගයෙන් මැයි මස 30 සිට ජූනි 05 දක්වා ජාතික පරිසර සතිය ප්‍රකාශයට පත් කර ඇත.
වාර්ෂිකව ජූනි මස 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව 2026 මැයි මස 30 දින සිට ජූනි මස 05 වන දින දක්වා ජාතික පරිසර සතියක් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම වැඩසටහනෙහි අවසන් දිනය ජූනි මස 05 දිනට යෙදී ඇති අතර එම දිනය රුක් රෝපණය හා ජගත් පරිසර දිනය සැමරීමට වෙන් කර ඇත.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ද පරිසර දිනයට සමගාමීව 2026.06.05 දින දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පරිසර සංරක්ෂණය සඳහා සිය දායකත්වය ලබා දෙන ලදී.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු අභ්‍යන්තර කටයුතු ඒකකයේ මූලිකත්වය ඇතුව 2026.04.21 දින දෙපාර්තමේන්තුවේ පුහුණු අංශය මඟින් “දූෂණ විරෝධී පනත” සම්බන්ධ පුහුණු වැඩසටහනක් ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී නිලධාරී ටී.අයි.එස්. ශ්‍රීලාල් මහතාගේ සම්පත් දායකත්වය යටතේ මෙම වැඩසටහන පෙ.ව. 9.30 සිට පෙ.ව. 11.30 දක්වා සහ ප.ව. 12.30 සිට ප.ව. 2.30 දක්වා අදියර දෙකක් ලෙස ප්‍රධාන කාර්යාලයේ මාණ්ඩලික හා අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතුව පැවැත්වුණි.
සිංහල හා දෙමළ 2026 නව වසර (අවුරුදු මාසය) ශ්‍රී ලංකාවේ වැදගත්ම සම්ප්‍රදායික උත්සවයක් වන අතර, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ සැමරේ. මෙම උත්සවය වසරේ නව ආරම්භයක් සමග සතුට, සහ එකමුතුව නිරූපණය කරයි.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් සහ තොරතුරු වඩාත් පහසුවෙන් මහජනතාව වෙත සමීප කරවීමේ අරමුණින් නිර්මාණය කරන ලද www.rgd.gov.lk නව වෙබ් අඩවිය 2026 අප්‍රේල් 07 වන දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන ලදී. මෙම නව වෙබ් අඩවිය හරහා දෙපාර්තමේන්තුවට අදාළ සියලුම තොරතුරු සහ සේවාවන් වඩාත් කාර්යක්ෂමව හා විනිවිදභාවයකින් යුතුව ලබා ගැනීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇත.