මරණ
උප්පැන්න, විවාහ හා මරණ සහතික ලියාපදිංචි කිරීම හා පිටපත් නිකුත් කිරීම
දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341 යටතේ පිහිටා ඇති එක් එක් රෙජිස්ට්‍රාර් කොට්ඨාසයට පත් කර ඇති උප්පැන්න විවාහ හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් විසින් මෙම ලේඛණ ලියාපදිංචි කරනු ලබයි.
සහතික පිටපත් නිකුත් කරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගිනි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි පිහිටා ඇති දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය විවෘතව පවතින්නේ සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා වේ. (මුදල් කවුළු විවෘතව පවතින්නේ ප.ව 3.00 දක්වා පමණි.)
- සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හිදී සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා කාර්යාල විවෘත කරනු නොලැබේ.
කොට්ඨාස රෙජිස්ට්‍රාර්වරුන්ගේ කාර්යාල වේලාවන් සතියේ වැඩ කරන දින 5 සහ සෙනසුරාදා පෙ.ව.10.00 සිට ප.ව.2.00 දක්වා වේ.