රෙජිස්ට්‍රාර් ...
Uncategorised
Content will upload
දැක්ම
මහජනතාවගේ සිවිල් අයිතිවාසිකම්, නිශ්චල දේපල වල නීත්‍යානුකූල අයිතිය තහවුරු කරන ලිපි ලේඛන ලියාපදිංචිය, සංරක්ෂණය සහ සහතික පිටපත් නිකුත් කිරීමේ ජනතා කේන්ද්‍රිය සේවා සම්පාදනයේ පෙර ගමන්කරු වශයෙන් කටයුතු කිරීම.
මෙහෙවර
නිශ්චල දේපළවලට අදාළ නෛතික ලේඛන ලියාපදිංචි කිරීම සහ ශ්‍රී ලංකාවේ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම සහ ජන ජීවිතයේ වැදගත් අවස්ථා වන විවාහ, උපත් සහ මරණ ලියාපදිංචි කිරීම, එම ලේඛන සංරක්ෂණය කිරීම සහ ඉල්ලීම මත ඒවායේ සහතික කරන ලද පිටපත් නිකුත් කිරීම සහ එමගින් ජනතාවට සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහාය වීම.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ගැන
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබූයේ ශ්‍රී ලංකික ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව උප්පැන්න, විවාහ හා මරණ සහ දේපලවලට අදාළ නෛතික ලේඛන ලියාපදිංචි කිරීම උදෙසාය.
1864 වසරේදී දෙපාර්තමේන්තුව මුලින්ම ස්ථාපිත කරනු ලැබූයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යය සඳහා වන අතර, සිවිල් ලියාපදිංචි කිරීමේ කටයුතු එනම් උප්පැන්න, විවාහ හා මරණ ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුවට පවරනු ලැබූයේ 1867 වසරේදීය.
ලේඛන ලියාපදිංචිය හා හිමිකම් ලියාපදිංචිය සඳහා දිවයින පුරා පිහිටුවා ඇති පළාත්/කලාප කාර්යාල 07ක්, දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාල 14ක්, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 50ක්, ලේඛනාගාර 9ක්, කන්සියුලර් අංශය, සුහුරුපාය සේවා පියසේ පිහිටුවා ඇති සහතික පිටපත් නිකුත් කිරීමේ හා සහතිකපත්‍ර පරිවර්තනය කිරීමේ සේවාව සහ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාල 336ක් පිහිටුවා ඇත.
1998 වර්ෂයේ අංක 21 දරණ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම ද මෙම දෙපාර්තමේන්තුවට පැවරී ඇති කාර්යයකි. ඒ අනුව, මෙරට ප්‍රධානතම දෙපාර්තමේන්තුවක් වන රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පුළුල් ක්ෂේත්රයක කටයුතු ආවරණය කරමින් මහජනතාවට වඩා කාර්යක්ෂමව සේවය සපයමින් සිටී.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තම දැක්ම හා මෙහෙවර ඉටු කර ගැනීම උදෙසා සියලු අංශ හා සමස්ථ පරිපාලන පද්ධතිය දිශාගතව ක්‍රියා කරන අතර , තම සේවාවේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ ජනතා හිතකාමී කාර්යක්ෂම සේවාවක් සපයනු වස් නවීන තාක්ෂණය ඔස්සේ තම සංවර්ධන හා පර්යේෂණ සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, අන්තර්ජාතික වශයෙන් තම විෂය පථයට අදාළව නව ප්රවණතා අධ්‍යනය කරනු ලබයි.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් ඉ-විඋම, ඉ - ඉඩම්, ඉ- ජනගහන, ඉ-හිමිකම් ඇතුළු ඉ-වැඩසටහන් ද, පත්තිරු සහ ඔප්පු නිකුත් කිරීමේ එක් දින සේවා වැඩසටහන හා මාර්ගගත ක්‍රමය ඔස්සේ උප්පැන්න, විවාහ මරණ සහතික නිකුත් කිරීිමේ වැඩසටහන ශ්‍රි ලාංකික ජනතාවට දායාද කොට ඇත.
ලේඛන ලියාපදිංචියට අදාළ නෛතික ලේඛන ලියාපදිංචි කිරීම සහ ශ්‍රී ලංකාවේ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම සහ ජන ජීවිතයේ වැදගත් අවස්ථා වන විවාහ, උපත් සහ මරණ ලියාපදිංචි කිරීම, එම ලේඛන සංරක්ෂණය කිරීම සහ ඉල්ලීම මත ඒවායේ සහතික කරල ලද පිටපත් නිකුත් කිරීම සහ එමගින් ජනතාවට සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහාය වීම.
1863 අංක 08 දරන ඉඩම් ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකාව තුළ පිහිටි ඉඩම්වල අයිතිය ලියාපදිංචි කිරීම සහ ආරවුල් සහිත ඉඩම් වල ලේඛන ලියාපදිංචි කිරීම යන අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙනි.
නමුත් ඉඩම්වල අයිතිය ලියාපදිංචි කිරීම සඳහා එවකට ආණ්ඩුව සූදානම් වන තුරු ඉඩම්වලට අදාල නීත්‍යනුකූල ලේඛන ලියාපදිංචි කිරීම 1864 ජනවාරි මාසයේ ආරම්භ විය.1867 වර්ෂයේදී සිවිල් ලියාපදිංචි කිරීමේ කාර්යය ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති අතර එය මෙම දෙපාර්තමේන්තුව වෙත පවරා ඇත්තේ 1958 වර්ෂයේ දීය. ඉඩම්වල අයිතිය ලියාපදිංචි කිරීම, ඉඩමට අදාළ නීත්‍යානුකූල ලේඛන ලියාපදිංචි කිරීම සහ සිවිල් ලියාපදිංචි කිරීම් යන ප්‍රධාන පරමාර්ථයන් සාක්ෂාත් කරගැනීම සඳහා මෙම දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇත.





