නව රෙජිස්ට්‍රාර් ජනරාල් ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සේවය කළ අතිරේක ලේකම් සසිදේවි ජලදීපන් මහත්මිය 2025.08.25 වන දින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දී වැඩ භාර ගනු ලැබිණි.
වසර 160 කට වැඩි ඉතිහාසයක් ඇති රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා රෙජිස්ට්‍රාර් ජනරාල් ලෙස සසිදේවි ජලදීපන් මහත්මිය ඉතිහාසයට එක්වෙයි.