රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් සහ තොරතුරු වෙත මහජන ප්‍රවේශය වඩාත් පුළුල් කිරීමේ අරමුණින්, 1930 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය සහ www.rgd.gov.lk නව වෙබ් අඩවිය 2026 අප්‍රේල් 07 වන දින නිල වශයෙන් ආරම්භ කරන ලදී.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ගරු රුවන් සෙනෙරත් මහතා, අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා, රෙජිස්ට්‍රාර් ජනරාල් එස්. ජලදීපන් මහත්මිය ඇතුළු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
දෙපාර්තමේන්තු සේවාවන් පිළිබඳව මහජනතාවට ඇති ගැටලු සඳහා 1930 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය හරහා සහාය ලබාගත හැකි අතර, නව වෙබ් අඩවිය මගින් දෙපාර්තමේන්තුවට අදාළ තොරතුරු සහ සේවාවන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.