ඒ අනුව, ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සහ බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශවල නව ප්‍රතිලාභීන් සඳහා ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීම අද (24) උදෑසන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉඩම් හා සංවර්ධන අතිරේක දිස්ත්‍රික් ලේකම් සුමිත් ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම අවස්ථාවට දකුණු පළාත් රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් දුලානි එච්. කීර්තිසිංහ මහත්මිය, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් එම්.ජී.එම්. උපමාලිකා මහත්මිය, බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් පියුමාලි ලියනගේ මහත්මිය, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් පසිඳු ලක්රුවන් මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.