රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති ඊ-සිවිල් ලියාපදිංචි කිරීමේ වැඩසටහන යටතේ ඩිජිටල් ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීමේ සමාරම්භක උත්සවය අද (24) රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධානත්වය රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති සහ අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල් කේ.ජී.එස්. නිශාන්ත මහතා විසින් දරන ලදී.
2021 ජනවාරි 1 වන දින සිට 2025 පෙබරවාරි 26 වන දින දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ උපත ලබන දරුවන්ට දිස්ත්‍රික්කය තුළ ඇති ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මෙම ජාතික උප්පැන්න සහතිකය ලබා ගත හැකි වනු ඇත. අනාගතයේදී මෙම සේවාව තවදුරටත් පුළුල් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
මෙම ඩිජිටල් ජාතික උප්පැන්න සහතිකය සාම්ප්‍රදායික කඩදාසි සහතිකයට සාපේක්ෂව නවීන, ආරක්ෂිත ලේඛනයකි. තොරතුරු වෙනස් කළ නොහැකි ආකිරයට දත්ත පද්ධතියක ගබඩා කර ඇති බැවින්, ව්‍යාජ ලේඛන නිෂ්පාදනය කිරීමේ හැකියාව අවම වේ. ඊට අමතරව, විදේශ සංචාර සහ නීතිමය ක්‍රියා පටිපාටි ඇතුළුව ජාත්‍යන්තර භාවිතය සඳහා එය වඩාත් සුදුසු වන අතර සහතිකය සිංහල සහ ඉංග්‍රීසි හෝ දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගත හැකිය. මෙමඟින් උප්පැන්න සහතිකයේ වෙනම පරිවර්තන අවශ්‍යතාවය ඉවත් කරයි. තවද, සහතිකයට කරන ලද ඕනෑම සංශෝධනයක් දත්ත පද්ධතිය තුළ තත්‍ය කාලීනව යාවත්කාලීන වේ.For more information: https://www.facebook.com/share/1DDzVkbnMt/