e-BMD ව්‍යාපෘතියේ අරමුණ
උප්පැන්න, විවාහ හා මරණ සහතිකවල සහතික කරන ලද පිටපත් නිකුත් කිරීම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වන අතර මහජනතාව කරනු ලබන ඉල්ලිම් මත එවැනි පිටපත් නිකුත් කිරිම සිදුකරනු ලබයි. කෙසේ වෙතත් නිශ්චිත අංකය, දිනය හෝ සිදුවීමට අදාළ කාල වකවානුව වැනි අත්‍යාවශ්‍ය විස්තර අයදුම්කරු නොදන්නා විටදී අදාළ ලේඛන සොයා ගැනීම දුෂ්කර වේ. කාලය අධික ලෙස වැය වන සොයාබැලිම් වළක්වාලීම සඳහා ඉ -උවිම (e-BMD) ව්‍යාපෘතිය හඳුන්වා දී තිබේ.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වනුයේ දත්ත සමුදායක් පවත්වා ගැනීම, පද්ධතිය හරහා සහතික නිකුත් කිරීම සහ ලියාපදිංචි කරනු ලැබූ උප්පැන්න, විවාහ හා මරණ පිළිබඳ තොරතුරු අනෙකුත් රජයේ නියෝජිතායතන සමග බෙදාහදා ගැනීම වේ. ඊට අමතරව, ප්‍රාදේශිය මට්ටමේ කාර්යාලවල දත්ත සමුදා ස්ථාපිත කිරීම මගින් අදාළ ලේඛන කඩිනමින් සොයාගැනීම, සහතික කරන ලද පිටපත් කඩිනමින් නිකුත් කිරීම සහ සහතික කරන ලද පිටපත් නිකුත් කිරීම විමධ්‍යගත කිරීම මෙම වැඩසටහනේ අනෙකුත් ප්‍රතිලාභ වේ.