නොතාරිස්වරයෙකු ප්‍රථම වරට බලපත්‍රය ලබා ගැනීම 

ඉදිරිපත් කල යුතු ලේඛන,

  1. නිවැරදිව පැහැදිලි අත් අකුරෙන් සම්පූර්ණ කරන ලද  අයදුම්පත.
  2. නීතිඥ වෘත්තියට ඇතුලත් කර ගැනීමේ සහතිකයේ සහතික පිටපත. මෙය ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් විසින් සහතික කර තිබිය යුතුයි.
  3. ජාතික හැදුනුම් පතෙහි පිටපත
  4. නොතාරිස් බලපත්‍රය ලබාගැනීම සඳහා බලපත්‍ර ගාස්තු ලෙස රු. 3000 මුදලක් දෙපාර්තමේන්තුවේ සරප් වෙත ගෙවන ලද රිසිට් පත.

ඉහත ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාල බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.

අතිරේක භාෂාවක් සඳහා බලපත්‍ර ලබා ගැනීම

  • අතිරේක භාෂ‍ාවක් සඳහා බලපත්‍ර‍යක් ඉල්ලුම් කිරීමේ දී, එකී භාෂාව සඳහා අ.පො.ස. (සා.පෙල) විභාගයේ දී සම්මාන සාමර්ථයක් තිබිය යුතුය.
  • ඉදිරිපත් කල යුතු ලේඛන,
    1. නිවැරදිව පැහැදිලි අත් අකුරෙන් සම්පූර්ණ කරන ලද අයදුම්පත
    2. මුල් බලපත්‍රයේ පිටපතක්
    3. අදාල භාෂාව සඳහා  සම්මාන සාමර්ථයක් සහිත අ.පො.ස. (සා.පෙල) විභාග සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපත (මෙම පිටපත රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරියෙකු හෝ ඉඩම් රෙජිස්ට්‍රාර් සත්‍ය බවට සහතික කර තිබිය යුතුය.)
    4. ජාතික හැදුනුම් පත හා එහි ඡායා පිටපතක්
    5. විභාග සහතිකයේ හා නොතාරිස් බලපත්‍රයේ නම අතර වෙනසක් ඇත්නම් ඒ බවට දිවුරුම් ප්‍රකාශය.
    6. පළමු සහතිකයේ සඳහන් ලිපිනයට වඩා නව ලිපිනය වෙනස් වන්නේ නම් එය ඇතුලත් කරන ලෙස ඉල්ලීමේ ලිපිය.
    7. ඉල්ලුම් කරන එක් භාෂාවක් සඳහා ගාස්තු ලෙස රු. 3000 මුදලක් දෙපාර්තමේන්තුවේ සරප් වෙත ගෙවන ලද රිසිට් පත.

ඉහත ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාල බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.

නොතාරිස්වරයෙකුගේ අධිකරණ කලාප මාරු කිරීම

ඉදිරිපත් කල යුතු ලේඛන,

  1. නිවැරදිව පැහැදිලි අත් අකුරෙන් සම්පූර්ණ කරන ලද අයදුම්පත.
  2. නොතාරිස් බලපත්‍රයේ මුල් පිටපත.
  3. අධිකරණ කලාප මාරු කිරීම පිලිබඳව ඉඩම් රෙජිස්ට්‍රාර්ගේ වාර්තාව
  4. මහාධිකරණයෙන් ලබාගත් වාර්ෂික බලපත්‍රය.
  5. අයදුම්පත්‍රය භාරදුන් පසු ඔප්පු කිසිවක් නොලියූ බවට දිවුරුම් ප්‍රකාශය.
  6. එක් භාෂාවක් සඳහා ගාස්තු ලෙස රු. 3000 මුදලක් දෙපාර්තමේන්තුවේ සරප් වෙත ගෙවන ලද රිසිට් පත.

ඉහත ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාල බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.

නීතිඥ නොවන පුද්ගලයන්, නොතාරිස්වරුන් වශයෙන් බඳවා ගැනීම

මීට අදාල ප්‍රතිපාදන 107 අධිකාරය වූ නොතාරිස් ආඥාපනතේ 8 වගන්තිය සමඟ කියවිය යුතු 7 වන වගන්තිය යටතේ ප්‍රතිඥාත ආධුනිකයන් ඇතුලත් කර ගැනීම සඳහා වන නියෝග පිලිබඳ අංක 1977/16 2016 ජූලි 27 දිනැති ගැසට් පත්‍රයේ පල කර ඇත.

ගැසට් නිවේදනය - සිංහල

ඉ -ජනගහණය

උප්පැන්න, විවාහ හා මරණ ලියාපදිංචි කිරීම සදහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වගකිව යුතු වේ. ඇතුලත් කරනු ලබන වාර්තා සටහන් අයන්ත්‍රිකව පවත්වාගෙන යනු ලබන අතර අනෙකුත් රජයේ නියෝජිතායතන සඳහා ඒවා වෙත ප්‍රවේශය ලබා නොදෙන අතර ඒ අනුව ප්‍රයත්න, කාලය හා පිරිවැය ද්විකරණයක් සිදු වේ. ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුම පිළිබඳ ඒකාබද්ධ මූලික තොරතුරු පද්ධතියක් ගොඩනංවමින්, ජීවන සිදුවීම්වල කාර්යක්ෂම හා විශ්වාසවන්ත ලියාපදිංචි කිරීම් පද්ධතියක් නිර්මාණය කරමින්, ජනගහන රෙජිස්ටරය භාවිතා කරමින් රජයේ ආයතන සමග තොරතුරු බෙදාහදා ගැනීම ඉහළ නංවමින්, ජනවිකාසමය හා සෞඛ්‍ය සංඛ්‍යාලේඛනවලට අදාළ වඩා විස්තීරණ විශ්ලේෂණාත්මක හැකියා සපයමින් හා ජීවන සිදුවීම් වාර්තාකරණයේ ආවරණය ඉහළ නංවමින් සියලු පුරවැසියන් සඳහා උපතේදී පුද්ගලික හඳුනාගැනීමේ අංකයක් නිකුත් කිරීමේ අරමුණ ඇතිව ‘ඉ -ජනගහණය’ හඳුන්වා දෙනු ලැබේ.  ‘ඉ -ජනගහණ’ පද්ධතිය මෙම අරමුණු සපුරාලමින්, දෙමව්පියන්ගේ තහවුරු කිරීමෙන් දත්තවල නිරවද්‍යභාවය සහතික කරයි, ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් සහතික පිළිබඳව සොයා බලා පිටපත් නිකුත් කිරීම සිදුකරයි, පරිවර්තනවල අවශ්‍යතාවය අඩුකරයි, පුරවැසියන්ගේ වත්මන් තොරතුරු පවත්වා ගනියි, ආයතන අතර පුරවැසියන් පිළිබඳ තොරතුරු බෙදා හදා ගනියි. see-more-anime

ඉ- ඉඩම්

ප්‍රාග්ධනය උත්පාදනය කිරීමේ මෙවලමක් ලෙස ඉඩම් උපයෝජනය සදහා ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ ගැටළු දිගු කාලයක් පුරා පවතින බාධකයක් වී‍ තිබේ. ලේඛන වෙත ප්‍රවේශය සදහා ඇති දුෂ්කරතා, දිගු කාලයක් ගැනීමට සිදුවන සොයා බැලීම් සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලවල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙම වැඩසටහන සඳහා බාධාවක් වී තිබේ. එහෙයින් ඉ -ඉඩම් රෙජිස්ටරයේ අරමුණ වනුයේ ඉහත ගැටළු සඳහා විසඳුම් සැපයීම හා ඉඩම් ලේඛන, තොරතුරු ලියාපදිංචිය, පෙළපත් තොරතුරු සකස් කිරිම සඳහා පහසුකම් සැපයීම වේ. එසේම ලේඛනවල ආරක්ෂාව තහවුරු කිරීම, සාමාන්‍ය මහජනයා සහ අනෙකුත් රජයේ ආයතන වෙත කඩිනම්, වඩා පහසු සහ ලාභදායී සේවාවක් සැපයීම, ඉඩම් ලියාපදිංචි කිරීමේ ‍තොරතුරු වෙත ප්‍රවේශය ඉහළ නැංවීම මගින් ව්‍යාපාර කිරීමේ දර්ශකයේ ශ්‍රී ලංකාවේ තත්වය ඉහළට ඔසවා තැබීම ද මෙහි  අරමුණු වේ. see-more-anime

ඉ -උවිම (e-BMD)

උප්පැන්න, විවාහ හා මරණ සහතිකවල සහතික කරන ලද පිටපත් නිකුත් කිරීම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වන අතර මහජනතාව කරනු ලබන ඉල්ලිම් මත එවැනි පිටපත් නිකුත් කිරිම සිදුකරනු ලබයි. කෙසේ වෙතත් නිශ්චිත අංකය, දිනය හෝ සිදුවීමට අදාළ කාල වකවානුව වැනි අත්‍යාවශ්‍ය විස්තර අයදුම්කරු නොදන්නා විටදී අදාළ ලේඛන සොයා ගැනීම දුෂ්කර වේ. කාලය අධික ලෙස වැය වන සොයාබැලිම් වළක්වාලීම සඳහා ඉ -උවිම (e-BMD) ව්‍යාපෘතිය හඳුන්වා දී තිබේ. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වනුයේ දත්ත සමුදායක් පවත්වා ගැනීම, පද්ධතිය හරහා සහතික නිකුත් කිරීම සහ ලියාපදිංචි කරනු ලැබූ උප්පැන්න, විවාහ හා මරණ පිළිබඳ තොරතුරු අනෙකුත් රජයේ නියෝජිතායතන සමග බෙදාහදා ගැනීම වේ. ඊට අමතරව, ප්‍රාදේශිය මට්ටමේ කාර්යාලවල දත්ත සමුදා ස්ථාපිත කිරීම මගින් අදාළ ලේඛන කඩිනමින් සොයාගැනීම, සහතික කරන ලද පිටපත් කඩිනමින් නිකුත් කිරීම සහ සහතික කරන ලද පිටපත් නිකුත් කිරීම විමධ්‍යගත කිරීම මෙම වැඩසටහනේ අනෙකුත් ප්‍රතිලාභ වේ. see-more-anime

ඉ- හිමිකම් සහතික

බිම් සවිය

ඉඩම් උපයෝජනය සඳහා දිගු කාලීන බාධාවක් වී ඇත්තේ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳව පවතින ගැටළු වන අතර ලියාපදිංචි කිරීම් සඳහා අයන්ත්‍රික ප්‍රවේශය හා අදාළ දුෂ්කරතා ද මෙම කාර්යයේදී අවහිරයක්ව පවතී. හිමිකම් ලියාපදිංචිය ශ්‍රි ලංකාවට හඳුන්වා දී ඇත්තේ ඉඩම් උපයෝජනය සහ සංවර්ධනය ඉහළ නැංවීමේ සහ ඉඩම් අයිතිය හෝ මායිම් සම්බන්ධ අනවශ්‍ය ආරවුල් වළක්වාලීමේ අරමුණින් ශක්තිමත් හා පැහැදිළි ඉඩම් හිමිකාරිත්වයක් ඇති කිරීමයි.  පරිගණක පාදක ඉඩම් තොරතුරු පද්ධතිය මගින් වඩා යහපත් ඉඩම් කළමනාකරණය සහ රජය සහතික කරනු ලැබූ හිමිකම් සහතික නිකුත් කිරීම සඳහා අවස්ථාව උදා කරයි. ඒ අනුව පහසු, කඩිනම් සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට හැකි වේ.

 

නිවසක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

  • මරණය සිදුවී දින 05 ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දිය යුතුය.
  • සෑම මරණයක් සම්බන්ධයෙන්ම එකී මරණයට අදාලව B24 ආකෘති පත්‍රය ප්‍රකාරව පිලියෙල කළ වාර්තාවක් ග්‍රාම නිලධාරී විසින් මරණය සිදු වු ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුය.
  • මරණය ලියාපදිංචි කරනු ලබන්නේ මරණය සිදුවූ ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි.
  • මරණ ලියාපදිංචි කිරීම CR02 ආකෘතිය රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගත හැකිය. document-download
  • මරණය දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • මරණය සිදුවන අවස්ථාවේදි එහි සිටි කිට්ටුම නෑදෑයා
    • අවසන් වරට රෝගීව සිටියදී උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
    • එවැනි නෑදෑයකු නොමැතිවූ විට,
      • මියගිය අය පදිංචි රෙජිස්ට්‍රාර් කොට්ඨාශය තුල වාසය කරන මියගිය තැනැත්තාගේ නෑදෑයකු
    • එවැනි නෑදෑයකු නොමැතිවූ විට,
      • මරණය සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්
      • මරණය සිදුවූ ගොඩනැගිල්ලේ පදිංචිකරු
    • ඉහත සඳහන් පුද්ගලයන් නොමැතිවූ විට,
      • මළ සිරුර වැළලීමට, ආදාහනය කිරීමට හෝ වෙනත් ආකාරයකින් ඒ පිළිබඳ අවසන් කටයුතු කරන පුද්ගලයා
  • මරණය සිදු වී මාස 03 ක් ඇතුලතදී මරණය නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැකිය.
  • මරණය සිදු වී මාස 03 කින් පසුවද මරණය ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ මරණ ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.
  • දැනුම් දෙන්නා වෙත නොමිලයේ මරණ සහතිකයක් නිකුත් කරනු ලැබේ.

** ඔබට එම මරණ ලේඛනය ලද විට කියවා බලා පරික්ෂා කොට රැගෙන යාමට කාරුණික වන්න.

(1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරිමේ පනතේ ප්‍රතිපාදන අදාල වේ.)

රෝහලක (රජයේ හෝ පෞද්ගලික) සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම

  • මරණය සිදු වූයේ රෝහලක නම්, එම රෝහලට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාට මරණය ලියාපදිංචි කිරීමට දැනුම් දිය යුතුය.
  • මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය (ලියාපදිංචි කිරීම CR02 ආකෘතිය) උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබා ගත යුතුය.
  • මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • මිය ගිය අයගේ ඥාතීයකු
    • මරණය සිදු වන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක් 
    • රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ලියාපදිංචි කිරීම CR02 ආකෘතිය
    • මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
  • මාස 03 ක කාල සීමාවක් ඇතුලතදී මරණයක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැකිය.

** ඔබට එම මරණ ලේඛනය ලද විට කියවා බලා පරික්ෂා කොට රැගෙන යාමට කාරුණික වන්න.

(1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ ප්‍රතිපාදන අදාල වේ.)

ලියාපදිංචි කළ වත්තක සිදුවන මරණයක් ලියාපදිංචි කිරීම

  • මරණය සිදුවී පැය 24 ක් ඇතුලත පහත සඳහන් සුදුසුකම්ලත් පුද්ගලයන් විසින් වතු අධිකාරිවරයා වෙත මරණය දැනුම් දිය යුතුය.
  • දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • මියගිය අයගේ ඥාතීයකූ
    • මරණය සිදු වන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්
    • මරණය සිදුවු ගොඩනැගිල්ලේ පදිංචිකරු
    • මරණය පිලිබද අවසන් කටයුතු කරන අය
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,වතු අධිකාරිවරයා විසින් මරණ වාර්තාව සටහන් කර සහතික කල වතු අධිකාරි මරණ වාර්තාව (ලියාපදිංචි කිරීම CR02 ආකෘතිය) සමගින් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත යොමු කෙරේ.
    • මරණයට පත් වූ අයගේ වෛද්‍ය වාර්තා තිබේනම්
    • මරණයට පත් වූ අයගේ සායන වාර්තා තිබේනම්
  • අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් මරණය ලියාපදිංචි කර මරණ සහතිකය අදාළ වතු අධිකාරිවරයා වෙත යොමු කෙරේ.
  • අයදුම්කරුට වතු අධිකාරිවරයාගේ කාර්යාල‍‍යෙන් මරණ සහතිකය නොමිලයේ ලබා ගත හැකිය.

විදේශ රටකදී සිදුවු ශ්‍රී ලංකිකයකුගේ මරණයක් විදේශයක දී ලියාපදිංචි කිරීම

  • මිය යන විට ශ්‍රී ලාංකීක හෝ ද්විත්ව පුරවැසියකුගේ මරණය විදේශයකදී ලියාපදිංචි කර ගත හැකිය.
  • මරණය ලියාපදිංචි කරනු ලබන්නේ මරණය සිදු වු රටේ ශ්‍රී ලංකා තානාපති / මහ කොමසාරිස් කාර්යාලයෙනි.
  • මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශ පත්‍රය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය / මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබා ගත හැකිය.
  • මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්:
    • මැරුණු අයගේ ලගම ඥාතීයකූ විසින් 
    • මරණය සිදුවු අවස්ථාවේ ළග සිටි පුද්ගලයෙක්
  • ඉදිරිපත් කළයුතු ලියවිලි (මුල් පිටපත් හා ඡායා පිටපත් කට්ටලයක් ඉදිරිපත් කල යුතුය):
    • ශ්‍රී ලාංකීක පුරවැසියකු හෝ ද්විත්ව පුරවැසියකු බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියවිලි (වීසා බලපත්‍රය/ද්වීත්ව පුරවැසි සහතිකය)
    • මරණයට පත් අයගේ ගමන් බලපත්‍රය(මියයන අවස්ථාව වන විට වලංගු)
    • එම රටේදී නිකුත් කළ මරණ සහතිකය 
    • මරණයට හේතූව සඳහන් කරන ලද රෝහල් වාර්තාවක්
    • මිය ගිය පුද්ගලයාගේ උප්පැන්න සහතිකයේ සහතික පිටපතක්
    • ප්‍රකාශකරුගේ ඥාතීත්වය සනාථ කරන ලේඛණයක්(උප්පැන්න හෝ විවාහ සහතික අවශ්‍ය පරිදි)
  • රජයේ ගාස්තු වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නියම කරන ලද මුදල අදාල රටේ වලංගු මුදලින් ගෙවිය යුතුය.

විදේශ රටකදී මිය ගිය අයෙකුගේ මරණය මෙරටට දී ලියාපදිංචි කිරීම

  • අවුරුද්දක කාල සීමාවක් ඇතුලතදී රජයේ ගාස්තු ගෙවා අදාල රටේ තානාපති/මහකොමසාරිස් කාර්යාලය මගින් මරණයක් ලියාපදිංචි කරවා ගත නොහැකි වුවහොත් අවුරුද්දක කාල සීමාවක් ඉක්ම වු පසු කල් පසු වු මරණයක් ලෙස ලියාපදිංචි කිරීමට මරණය සිදු වු රටේ තානාපති/මහකොමසාරිස් කාර්යාලය වෙත පහත ලේඛණ භාර දිය හැකිය. එය අනුමැතිය සඳහා අදාල තානාපති කාර්යාලය මගින් මාලිගාවත්ත මධ්‍යම ලේඛනාගාරය වෙත එවිය යුතුය.
  • එසේම මරණය විදේශයක පිහිටි තානාපති/මහකොමසාරිස් කාර්යාලය මගින් ලියාපදිංචි කර නොමැති නම් මාලිගාවත්ත මධ්‍යම ලේඛනාගාරය වෙත ලේඛන ඉදිරිපත් කිරීමෙන් මරණය ලියාපදිංචි කරවා ගත හැකියි.
  • මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශ පත්‍රය මාලිගාවත්ත මධ්‍යම ලේඛනාගාරයේ Consular අංශයෙන් ලබා ගත යුතුයි.
  • මරණකරු ශ්‍රී ලාංකීක හෝ ද්විත්ව පුරවැසි බව ඇති අයකු විය යුතුය.
  • මරණකරුගේ කලාත්‍රයා,මව පියා සහෝදරයකු දරුවකු හෝ ඒ් කිසිම අයකු නොමැති නම් ඒ පිළිබද උනන්දුවක් දක්වන පාර්ශවයට මරණය ලියාපදිංචි කිරීම සඳහා ප්‍රකාශකරුවා ලෙස ඉදිරිපත් විය හැකිය.
  • ඉදිරිපත් කල යුතු ලියවිලි (මුල් පිටපත් හා ඡායා පිටපත් කට්ටලයක් ඉදිරිපත් කල යුතුය):
    • නිසි ලෙස සම්පුර්ණ කරන ලද ප්‍රකාශ පත්‍රය
    • විදේශ මරණ සහතිකය
    • මරණ සහතිකයේ මරණයට හේතූව සඳහන් වී නොමැති නම් මරණයට හේතුව සඳහන් වන වාර්තාව
    • මරණකරුගේ උප්පැන්න සහතිකය
    • මරණකරුගේ විදේශ ගමන් බලපත්‍රය
    • දේහය මෙරටට ගෙන ආවේ නම් කාගෝ රිසිට්පත
    • ප්‍රකාශකරුගේ ඥාතීත්වය සනාථ කරන ලේඛණයක්(උප්පැන්න හෝ විවාහ සහතිකය අවශ්‍ය පරිදි)
    • අවසාන කටයුතු ශ්‍රී ලංකාවේ කරන්නේ නම් ප්‍රවාහන බිල්පත්
    • විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කළ ලිපිය (ශ්‍රී ලංකාව තුළ අවසන් කටයුතු කරන්නේ නම්)
    • ප්‍රකාශකරුගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්
    • ප්‍රකාශකරුගේ ලිපිනය හා නියමිත මුද්දර අලවන ලද 9*4 ප්‍රමාණයේ ලියුම් කවරයක්
    • ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ Consular අංශයට ලියාපදිංචි ගාස්තු වශයෙන් අංශයට රු.8 180/- ක් ගෙවා ලබා ගත් රිසිට් පත
    • සිංහල ඉංග්‍රීසි හා දෙමළ භාෂා වලින් හැර වෙනත් භාෂාවලින් ඇති ලේඛන වල පරිවර්තනයන්

ඉදිරිපත් කල යුතුය.

  • ඒ සඳහා අවශ්‍ය තොරතුරු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරයේ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල්ගෙන් ලබා ගත හැකිය. දුරකථන අංකය : +94 112 329 773 හෝ +94 112 433 075/0718255066

ලියාපදිංචි නොකල මරණයක් ලියාපදිංචි කිරීම

කල්ගතවූ මරණයක් ලියාපදිංචි කිරීම

  • මරණයක් සිදුවී මාස තුනක් ඇතුලත දී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි මරණයක් ලියාපදිංචි කරවා ගැනීමට පුළුවන.
  • මරණය සිදු වි වසර 25 කට වැඩි නොවන කාලයක් තුල මරණයට අදාල ප්‍රකාශ පත්‍රය භාර දි තිබිය යුතුයි.(හදිසි මරණයක් හැර)
  • ප්‍රකාශ පත්‍රය මරණය සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කල යුතුය.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්
    • මරණයක් සිදුවන අවස්ථාවේ එහි සිටි හෝ මියගිය තැනැත්තා අවසන් වරට රෝගීව සිටියදී ඔහුට උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
    • උනන්දුවක් දක්වන වෙනත් අය
  • ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 60.00 කි.

මරණ ලේඛණයක ඇතුලත් විස්තර සංශෝධනය කිරීම

  • ප්‍රකාශ පත්‍රය මරණය සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කල යුතුය.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ පහත සඳහන් පුද්ගලයන්ගෙන් කෙනෙකු විසිනි.
    • සිද්ධිය ලියාපදිංචි කිරීම පිණිස ආරංචි සැපයු පුද්ගලයා
    • කාරණය පිළිබඳව සත්‍යතාවය දන්නා විශ්වාස කටයුතු පුද්ගලයා
  • මරණ ලේඛණයක ලියාපදිංචි කිරීමේ දිනය හැර අනිකුත් සියළුම තොරතුරු සංශෝධනය කළ හැකිය.
  • ප්‍රකාශ පත්‍රය සඳහා සැපයිය යුතු ගාස්තුව රු. 60.00 කි.
  • ප්‍රකාශ පත්‍රය සමඟ ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි ඉදිරිපත් කල යුතුය.

අතුරුදහන් වූ තැනැත්තන්ගේ මරණ ලියාපදිංචි කිරීම/ දක්නට නොමැති බවට වූ සහතික නිකුත් කිරීම

සමහර පුද්ගල අතුරුදහන්වීම් මරණයක් වශයෙන් සනාථ කිරීමට තරම් සාක්ෂි නොමැති වීම නිසා හෝ එම පුද්ගලයන් වෙනුවෙන් මරණ සහතිකයක් ලියාපදිංචි කරගැනීමට ඥාතීන් අකමැති වීම හේතුවෙන්, එම අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් ලියාපදිංචි කරන ලද කිසිඳු නීතිමය ලියවිල්ලක් නොමැති වීමෙන් ඔවුන්ගේ ඥාතීන්ට විවිධාකාර ගැටළුවලට මුහුණ දීමට සිදුවේ.

මෙවැනි පුද්ගලයින් සඳහා මරණ සහතිකයක් හෝ දක්නට නොමැති බවට වූ සහතිකයක් ලබා දීම සම්බන්ධයෙන් පහත පනත් මගින් ප්‍රතිපාදන සලසා ඇත.

උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුවූ ගැටුම් හෝ එම ගැටුම්වලට පසුව හෝ දේශපාලන නොසන්සුන්තාව හෝ සිවිල් කැරලි කෝලාහල හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් අතුරුදහන්වී ඇති බවට වාර්තා කර ඇති තැනැත්තන් හෝ ක්‍රියාන්විතයේදී අතුරුදහන් වූ ලෙස හඳුනාගෙන ඇති සන්නද්ධ හමුදාවල හෝ පොලිසියේ සාමාජිකයන් යන අයගේ අතුරුදහන් වීම් හා ස්වාභාවික ව්‍යසන හෝ විපත්ති හේතූවෙන් අතුරුදහන් වී ඇති තැනැත්තන්ගේ මරණ ලියාපදිංචිය හා පරීක්ෂණ කොමිෂන් සභා හෝ විශේෂ ජනාධිපති සභාවක් විසින් හෝ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව කාර්යාලය විසින් අනාවරණය කරගනු ලබන තොරතුරු මත පදනම්ව ඉල්ලීම් සිදු කළ හැකිය.

දක්නට නොමැති බවට වූ සහතිකයක් ඉල්ලුම් කල යුත්තේ, අතුරුදහන්වී ඇති අයගේ ඥාතියෙකු විසිනි.

සැ.යු. - පනතේ 14 වගන්තියේ අර්ථ නිරූපනය අනුව "ඥාතියා" යනු,

  • කලත්‍රයා;
  • දරුකමට හදාගත් ළමයින්, විවාහ නොවූ දෙමාව්පියන්ගේ ළමයින් හෝ සුළු දරුවන් ඇතුළත්ව දරුවන්;
  • දෙමව්පියන්, සුළු මව, සුළු පියා, දරුකමට හදාගැනීමට ලබා ගත් තැනැත්තා;
  • පූර්ණ හෝ අර්ධ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ දරුකමට හදාගත් සහෝදරයන් හෝ සහෝදරියන්;
  • මාමණ්ඩිය, නැන්දණිය, මස්සිනාවරුන්, නෑනාවරුන්, බෑණාවරුන්, ලේලිවරුන්;
  • මුණුපුරු, මිණිපිරියන් සහ සීයලා සහ ආච්චිලා

ඉල්ලුම් කළ යුතු ආකාරය

අතුරුදහන් වී එක් වසරකට වඩා ගතවී ඇති තැනැත්තන් වෙනුවෙන්, "දක්නට නොමැති බවට වූ සහතිකයක්" (COA) හෝ මරණ සහතිකයක් (COD) ලියාපදිංචි කිරිම සඳහා ඉල්ලුම් කල යුත්තේ, අතුරුදහන්වී ඇති අය අවසන් වරට පදිංචිව සිටි හෝ ඔහුගේ ස්ථිර වාසස්ථානය පිහිටි ප්‍රදේශයේ, දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතය.

ඉල්ලුම්පත් සමග තිබිය යුතු අතිරේක ලියවිලි  (පනතේ 8 ආ වගන්තිය)

සහතික කරන ලද පිටපත් හා පරිවර්තන කරන ලද පිටපත් ලබා ගැනීම

මරණ සහතිකවල පිටපත් ලබා ගැනීම

  • මරණ සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ මරණය සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි. අදාල සහතිකය දත්ත පද්ධතියේ ඇත්නම් ඔබට ආසන්නයේම ඇති ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ද එහි සහතික පිටපත් ලබා ගත හැකිය.1960.01.01 වර්ෂයේ සිට 2020.12.31 වර්ෂය දක්වා වු සහතිකවල පිටපත් දත්ත පද්ධතිය මගින් ලබා ගත හැකිය.(දත්ත පද්ධතියේ ඇත්ද යන්න ආසන්නයේම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පරීක්ෂා කර තහවුරු කර ගත හැකිය)
  • අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන්/වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
  • අයකරනු ලබන ගාස්තු,
    • මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.120.00 කි.
    • මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, (වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන බැවින්) එක පිටපතකට ගාස්තුව රු.250.00 කි.
  • අදාල ගාස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ (බත්තරමුල්ල ශාඛාවේ) 7039827 දරණ ගිණුම් අංකයට ගෙවීම් කර එහි දී ලබා දෙනු ලබන ලදුපත (Bank Slip) සහ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර සහතික පිටපත් ඉල්ලුම් කල හැකිය. ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර මගින් කරනු ලබන ගෙවීම් හෝ Online payment භාරගනු නොලැබේ.
  • මරණ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය ඉහත දක්වා ඇති පරිදි මුදල් ගෙවු රිසිට් පතද සමග ඉදිරිපත් කල යුතුය.
  • මරණය ලියාපදිංචි වී තිබේ නම්, අදාල මරණ සහතිකයේ ඉල්ලුම කර ඇති පිටපත් සංඛ්‍යාව ගෙවන ලද මුදල අනුව නිකුත් කරනු ලබන අතර මරණය ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව බී 38 ආකෘතිය මගින් දන්වා යවනු ලැබේ.

** එසේම https://online.ebmd.rgd.gov.lk වෙත පිවිසීමෙන් Online ක්‍රමවේදය ඔස්සේ සහතික පිටපත් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.

මරණ සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම

  • මෙම සේවාව ලබාගත හැකි පරිවර්තකයන් සේවය කරන දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පිලිබඳ විස්තර වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. පරිවර්තකයින් සේවය කරන කාර්යාල
  • ලබාගත හැකි පරිවර්තන
    • සිංහල - ඉංග්‍රීසි
    • ඉංග්‍රීසි - සිංහල
    • දෙමළ - ඉංග්‍රීසි
    • ඉංග්‍රීසි - දෙමළ
  • ඉල්ලුම් පත්‍ර භාරගන්නා වේලාව : සතියේ කාර්යාල දිනයන් හි පෙ.ව. 9.00 - ප.ව. 2.30 (සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු දිනයන් හි විවෘත කරනු නොලැබේ.
  • ඉල්ලුම් පත්‍ර පරිවර්තකයින් සේවය කරන කාර්යාල වලින් ‌හෝ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. document-download
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
    • පරිවර්තනය කළයුතු මරණ සහතිකයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
    • තැපෑලෙන් ලබාගන්නේ නම් ලබන්නාගේ ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
  • පරිවර්තන ගාස්තු
    • එක් පරිවර්තන පිටපතක් සඳහා රු.600.00 කි.
    • ඕනෑම පරිවර්තන ප්‍රමාණයක් ලබාගත හැක.
  • ගතවන කාලය : කාර්යාල දින 05 කි.
  • දැනට එක් දින සේවයක් නොමැත.

විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම

  • පාර්ශවකරුවන් දෙදෙනාම මුස්ලිම්වරුන් නොවන වෙනත් ඕනෑම ජාතියක හෝ ආගමක පාර්ශවකරුවන්ට, විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ විය හැකිය.
  • විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දිය යුතුය.(නම හා උපන් දිනය සනාථ කර ගැනීමට උප්පැන්න සහතිකය හෝ වෙනත් ලියවිල්ලක්)
  • දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
    • කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
    • සාමදාන විනිශ්චයකරුවකු
    • ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
    • දේවගැතිතුමකු
  • විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
    • පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
      • පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
      • දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
    • පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම
    • ඔවුන් විවාහ වීමට තහනම් නෑදෑයන් නොවන බව
    • ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
  • විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා විවාහ දැන්වීම අදාල රෙජිස්ට්‍රාර්වරයා වෙත භාර දී දින 14 ක් ගත විය යුතුය.
  • එසේ දින 14 ක් ගතවිමට කලින් විවාහයක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය නම් විශේෂ බලපත්‍රයක් මත ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ට්‍රාර්වරයාගෙන් ඉල්ලීමක් කළ හැකියි.
  • කොට්ඨාස දෙකක විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ට විවාහ දැන්වීම් භාර දී ඇති විට දැන්වීම් හුවමාරු වීම සහ ලේකම්තැ‍නගේ සහතිකය නිකුත් කිරීමෙන් අනතුරුව විවාහය ලියාපදිංචි කළ හැකිය.
  • විවාහ රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යාලයෙන් පිටත ස්ථානයකදී විවාහය ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතු අතර ඒ සඳහා නියමිත ගාස්තු ගෙවු අයඳුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.

** ඉහත කරුණු සම්පුර්ණ වු පසුව සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ රෙජිස්ට්‍රාර්වරයා විවාහය ලියාපදිංචි කිරීම සිදු කරන අතර විවාහ සහතිකයේ තෙවන පිටපත මනාලිය අතට පත් කරනු ලැබේ.

  • විවාහ ලියාපදිංචි කිරීමේදී රෙජිස්ට්‍රාර්ට ගෙවිය යුතූ ගාස්තූ
නො. කාරණය ගෙවිය යුත්තේ කාටද ගෙවනු ලබන්නේ කවුරුන්ද මුදල (රු.) මුදල ගෙවන ආකාරය
1 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම රෙජිස්ට්‍රාර් අයදුම්කරු 120.00 මුදලින් ගෙවිය යුතුය
2 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අයදුම්කරු 120.00 මුදලින් රජයට ගෙවිය යුතුය
3 විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 120.00 මුදලින් ගෙවිය යුතුය
4 විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 120.00 මුදලින් රජයට ගෙවිය යුතුය
5 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් ගෙවිය යුතුය
6 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් රජයට ගෙවිය යුතුය
7 38(1) හෝ 38(2) වගන්ති යටතේ රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් ගෙවිය යුතුය
--- --- ---  
8 38(1) හෝ 38(2) වගන්ති යටතේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් රජයට ගෙවිය යුතුය
9 27(3) වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලබාගැනීම රජයට විවාහ පාර්ශවයන් 120.00 මුදලින් ගෙවිය යුතුය
10 ලියාපදිංචි පූජනීය ස්ථානයකදී සිදු කරන ලද විවාහයක් ලියාපදිංචි කිරීම දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් රජයට ගෙවිය යුතුය
11 38 1,2 වගන්ති යටතේ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් පිටත විවාහ ලියාපදිංචි කිරීම සඳහා ගෘහ බලපත්‍රය නිකුත් කිරීම රජයට  විවාහ පාර්ශවයන් 60.00 මුදලින් ගෙවිය යුතුය

දේවගැතිවරයෙකු විසින් විවාහ සිදුකිරීම

  • ක්‍රිස්තියානි බැතිමතුන්ගේ විවාහ ස්වකීය දේවස්ථාන තුළදී සිදු කරවා ගැනීමට ඉඩ සලසා තිබේ.
  • විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයාට භාර දිය යුතුයි. (නම හා උපන් දිනය සනාථ කර ගැනීමට උප්පැන්න සහතිකය හෝ වෙනත් ලියවිල්ලක්)
  • දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
    • කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
    • සාමදාන විනිශ්චයකරුවකු
    • ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
    • දේවගැතිතුමකු
  • විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා, 
    • පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම, එනම්
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
      • පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
      • දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
    • පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම
    • ඔවුන් විවාහ වීමට තහනම් නෑදෑයන් නොවන බව    
    • ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
    • දික්කසාද වූ අයවලුන් නම් නියත තීන්දු ප්‍රකාශයේ පිටපතක් ඉදිරිපත් කිරීම අවශ්‍යයි.
    • ශ්‍රී ලංකාවේ විවාහ (සාමාන්‍ය) නීතිය යටතේ විවාහ වී පසුව විදේශ රටක අධිකරණ තීන්දුවකින් දික්කසාද වී ඇත්නම්, ශ්‍රී ලංකාවේ නිශ්චිත අධිකරණ බලය ඇති අධිකරණයක් හමුවේ නඩු පවරා දික්කසාදය පිළිබඳව තීන්දු ප්‍රකාශයක් ලබා තිබීම අත්‍යවශ්‍ය වේ.
  • ලියාපදිංචි කිරීමේ ගාස්තු රු. 900.00 ක් වේ.
  • රෙජිස්ට්‍රාර් හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගෙන් “රෙජිස්ට්‍රාර්වරයාගේ සහතික පත්‍රය” (ලියාපදිංචි කිරීම් බී103 ආකෘතිය) ලබා ගත යුතුය.
  • එම රෙජිස්ට්‍රාර්වරයාගේ සහතික පත්‍රය විවාහය ලියාපදිංචි කරවා ගත යුතු දේවස්ථානයේ දේවගැතිවරයා වෙත ඉදිරිපත් කර දේවස්ථාන විවාහයක් සිදු කර ගත හැකියි.
  • ඉන්පසු දේවගැතිතුමා විසින් නිකුත් කරනු ලබන දේවගැති සහතිකය (බී112) දේවස්ථානය පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ලබා දී ඔබගේ නීත්‍යානුකූල විවාහ සහතිකය ලබා ගත හැකිය.

ශ්‍රී ලාංකිකයෙකු හා විදේශ ජාතික‌යෙකු අතර විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය

 රෙජිස්ට්‍රාර් වෙත ස්ත්‍රී/පුරුෂ දෙදෙනා සම්බන්ධව පහත කරුණු යටතේ ලේඛන ඉදිරිපත් කල යුතුය.

  • විවාහ දැන්වීම (පිටපත් 2 කින් යුතුව ලියා සහතික කර)
  • විදේශීය ජාතිකයා හට ශ්‍රී ලංකාවට ඇතුලු වීමට අවශ්‍ය වීසා බලපත්‍රය,වලංගු විදේශ ගමන් බලපත්‍රය හා එහි ඡායා පිටපතක්
  • තම රටේ බලයලත් ආයතනයකින් නිකුත් කරන ලද සිවිල් තත්වය සනාථ කිරීමේ ලේඛනයේ මුල් පිටපත හා දික්කසාද/වැන්දඔු අය සම්බන්ධයෙන් නම් ඒ බව සනාථ කෙරෙන නෛතික ලියවිලි
  • විදේශීය ජාතිකයාගේ සෞඛ්‍ය තත්වය තහවුරු කර ගැනීම සඳහා වන ස්වයං ප්‍රකාශයක් (Health Declaration)
  • උප්පැන්න සහතික (නම හා වයස සනාථ කර ගැනීමට අවශ්‍ය වුවහොත්)හා ඡායා පිටපතක්
  • රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරන අවසර පත්‍රය

රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරනු ලබන අවසර පත්‍රය ලබා ගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය

  •  විදේශීය ජාතිකයා මෙරටට පැමිණිමට පෙර හෝ පසු පහත සඳහන් ලියවිලි අදාල පාර්ශවයන් විසින් (විවාහ වන පුද්ගලයන් දෙදෙනා හෝ ඔවුන්ගේ සමීප ාතීන් මගින් පමණක්) දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි අංශය වෙත භාරදිය යුතුය.
    • අයඳුම්පත්‍රය
    • ශ්‍රී ලාංකිකයාගේ ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපත
    • විදේශීය ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍රයෙහි ඡ‍ායා පිටපත
    • විදේශීය ජාතිකයාගේ වරදකට වරදකරුවකු නොවන බවට වන පොලිස් සහතිකය(මාස 6 ඇතුලත ලබා ගත)
    • විදේශීය ජාතිකයාගේ සිවිල් තත්වය පිළිබඳව සහතිකය(මාස 06 ඇතුලත ලබා ගත්)මින් පෙර විවාහ වු අයෙකු නම් දික්කසාද සහතිකය හා සිවිල් තත්වය පිළිබඳව සහතිකය)
  • ඉහත සෑම ලියවිල්ලකම පිටපත් 4 බැගින් ඉදිරිපත් කළ යුතුයි.
  • සිවිල් තත්වය පිළිබඳව සහතිකය අදාල රටෙහි රාජ්‍ය ආයතනයකින් ඉදිරිපත් කල යුතු අතර දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළ හැක්කේ අදාල රටෙහි රාජ්‍ය ආයතන මගින් සිවිල් තත්වය පිළිබඳ සහතික ඉදිරිපත් නොකරන්නේ නම් පමණි.දිවුරුම් ප්‍රකාශය අදාළ රටේ රාජ්‍ය ආයතනයකින් පසහතික කල යුතුය.
  • මෙහිදී විදේශීය පුද්ගලයා විදේශයකදී විවාහ වී විදේශයකදී දික්කසාද වී ඇත්නම් විදේශීය දික්කසාද නියෝගය හෝ ශ්‍රී ලංකාවේ විවාහ වී විදේශයකදී දික්කසාද වී ඇත්නම් විදේශීය දික්කසාද නියෝගය හා ශ්‍රී ලංකාවේ දික්කසාද නියෝගය ඉදිරිපත් කල යුතුය.
  • විවාහය ලියාපදිංචි කිරීම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්‍ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ අදාල කොට්ඨාසයේ විවාහ රෙජිස්ට්‍රාර් මගින් සිදු කල යුතු අතර,විවාහ රෙජිස්ට්‍රාර් මගින් විවාහය සිදුකරන‍්නේ නම් අදාල රෙජිස්ට්‍රාර්වරයාගේ/වරියගේ නම හා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අයඳුම්පතෙහි සටහන් කළ යුතුය
  • අයදුම්පත්‍රයේ විවාහය සිදුවන දිනය,ස්ථානය හා අදාල දිස්ත්‍රික්කය සටහන් කල යුතුය.
  • ලියවිලි ප්‍රධාන කාර්යාලය වෙත භාර දුන් දින සිට නිශ්කාෂණ වාර්තාව ලබා ගැනීම සඳහා වැඩ කරන දින 14 ක් ගත වේ.
  • රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරනු ලබන අවසර පත්‍රය නිකුත් කල දින සිට මාස 03 ක් දක්වා වලංගු‍ වේ.
  • මෙම අවසරපත්‍රය ලබා දීම සඳහා කිසිඳු මුදලක් අය නොකෙරේ.
  • ඉහත ලේඛන විවාහ දැන්වීම භාරදීමේදී අදාල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්/කොට්ඨාස විවාහ රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කල යුතුය.
  • මේ සම්බන්ධයෙන් වන අංක 18/2021 හා 2021/10/18 දිනැති චක්‍රලේඛය 2022/01/01 වන දින සිට ක්‍රියාත්මක අතර එහි සංශෝධිත 18/2021(1) චක්‍රලේඛය 2022/08/01 වන දින සිට ක්‍රියාත්මකයි.

උඩරට නීතිය යටතේ විවාහ ලියාපදිංචි කිරීම

  • උඩරට නීතිය යටතේ විවාහ විය හැක්කේ උඩරට නීතියට යටත් වන ප්‍රදේශයක පදිංචි සිංහල ජාතිකයින්ට පමණි.
  • උඩරට විවාහ නීතිය බලපාන ප්‍රදේශ
    • මධ්‍යම පළාත
    • උතුරු මැද පළාත
    • ඌව පළාත
    • සබරගමු පළාත
    • උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර සහ බස්නාහිර චුනියාචෙඩ්කුලම කෝරලේ සහ දකුණු කිලක්කුමලේ කෝරලේ
    • නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ බින්තැන්න පත්තුව, වෑගම්පත්තුව සහ පානම පත්තුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කඩුක්කුලම පත්තුව
    • වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ දෙමළ හත්පත්තුව
  • උඩරට නීතිය යටතේ විවාහ ලියාපදිංචි කිරීමට බලය ඇත්තේ ඉහත ප්‍රදේශ සඳහා පත්කර ඇති විවාහ රෙජිස්ට්‍රාර්වරු හට පමණි.
  • මෙම නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
    • දෙපාර්ශවය අදාළ කොට්ඨාශය තුළ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
      • පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
      • දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
    • පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම
    • දෙපාර්ශවය විවාහ වීමට තහනම් නෑදෑයන් නොවන බව (1952 අංක 44 දරණ උඩරට දික්කසාද පනත අනුව)  
    • ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
  • ඉහත අවශ්‍යතා සම්පුර්ණ වන්නේ නම් නිසි පරිදි සම්පුර්ණ කර සහතික කරන ලද විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුක්තව කොට්ඨාස විවාහ රෙජිස්ට්‍රාර්වරයා වෙත භාර දෙන්න.
  • විවාහ දැන්වීම සහතික කිරීමට බලය ඇත්තේ එම කොට්ඨාසයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයාටය. (නම හා වයස සනාථ කර ගැනීම සඳහා උප්පැන්න සහතිකය හෝ වෙනත් ලියවිල්ලක්)
  • විවාහ දැන්වීම භාර දි දින 14 ක් ගත වු පසු විවාහය ලියාපදිංචි කළ හැකිය.
    • විවාහ දැන්වීම භාර දී දින 14 කට පෙර විවාහය ලියාපදිංචි කිරීමට නම් අදාල ගාස්තු ගෙවා වි‍ශේෂ බලපත්‍රයක් ලබා ගත යුතුය.
  • කොට්ඨාස දෙකක විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ට විවාහ දැන්වීම් භාර දී ඇති විට දැන්වීම් හුවමාරු වීම සහ ලේකම්තැ‍නගේ සහතිකය නිකුත් කිරීමෙන් අනතුරුව විවාහය ලියාපදිංචි කළ හැකිය.
  • විවාහ රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යාලයෙන් පිටත ස්ථානයකදී විවාහය ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතු අතර, ඒ සඳහා නියමිත ගාස්තු ගෙවු අයඳුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.

** ඉහත කරුණු සම්පුර්ණ වු පසුව සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ රෙජිස්ට්‍රාර්වරයා විවාහය ලියාපදිංචි කිරීම සිදු කරන අතර විවාහ සහතිකයේ තෙවන පිටපත මනාලිය අතට පත් කරනු ලැබේ.

  • උඩරට විවාහ ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ට්‍රාර්වරුන්ට අයකරගත හැකි ගාස්තූ
නො. කාරණය ගෙවිය යුත්තේ කාටද ගෙවනු ලබන්නේ කවුරුන්ද මුදල (රු.) මුදල ගෙවන ආකාරය
1 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම රෙජිස්ට්‍රාර් අයදුම්කරු 120.00 මුදලින් ගෙවිය යුතුය
2 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අයදුම්කරු 120.00 මුදලින් රජයට ගෙවිය යුතුය
3 විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 120.00 මුදලින් ගෙවිය යුතුය
4 විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 120.00 මුදලින් රජයට ගෙවිය යුතුය
5 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් ගෙවිය යුතුය
6 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් රජයට ගෙවිය යුතුය
7 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් ගෙවිය යුතුය
- - - -
8 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් රජයට ගෙවිය යුතුය
9 19 වන වගන්තිය යටතේ විවාහ දැන්වීමක් සම්බන්ධයෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් රෙජිස්ට්‍රාර් අයදුම්කරු 120.00 මුදලින් ගෙවිය යුතුය
10 19 වන වගන්තිය යටතේ විවාහ දැන්වීමක් සම්බන්ධයෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අයදුම්කරු 120.00 මුදලින් රජයට ගෙවිය යුතුය
11 24 වගන්තිය යටතේ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් පිටපත විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා ගෘහ බලපත්‍රයක් නිකුත් කිරිම රජයට විවාහ පාර්ශවයන් 60.00 මුදලින් ගෙවිය යුතුය

මුස්ලිම් විවාහයක් ලියාපදිංචි කිරීම

  • මුස්ලිම් විවාහ දික්කසාද පනත යටතේ ශ්‍රි ලංකාවේ ඉස්ලාම් ධර්මය අදහන ස්ත්‍රියකට හා පුරුෂයෙකුට විවාහ විය හැකිය.
  • මෙම විවාහ ලියාපදිංචි කිරීම සඳහා දෙපාර්තමේන්තුවෙන් මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර්වරුන් පත් කර ඇත.
  • එම විවාහය ලියාපදිංචියට ප්‍රථම නිකා චාරිත්‍ර සිදු කරනු ලබයි.
  • නිකා චාරිත්‍රයෙන් පසු නිකා චාරිත්‍රය කල පූජකයා, මනාලියගේ වාලි, මනාලයා හා තවත් පිිරිමි සාක්ෂිකරුවන් දෙදෙනෙක් මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් හමු වී විවාහය ලියාපදිංචි කරවා ගත යුතුය.
  • එහෙත් එම අවස්ථාවේ විවාහය ලියාපදිංචි කිරීමට නොහැකි වුයේ නම් එම විවාහය කල් ගත වු මුස්ලිම් විවාහයක් ලෙස නැවත ලියාපදිංචි කිරීමට අදාල මුස්ලිම් රෙජිස්ට්‍රාර්වරයාව නියෝග කිරීමට අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සිටින දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්(ප්‍රාදේශීය ලේකම්) හට බලය ඇත.

විදේශ විවාහ ලියාපදිංචි කිරීම (විවාහය ලියාපදිංචි කරන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල තුළ හෝ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල තුළ නම්)

  • කොන්සල් කර්තව්‍ය පනත යටතේ තනාපති/මහකොමසාරිස් හෝ කොන්සල් නිලධාරියාට විදේශ රටකදී විවාහයක් ලියාපදිංචි කිරීමේ හැකියාව ඇත.
  • මෙහිදී එක් පාර්ශවයක්වත් ශ්‍රී ලාංකිකයකු විය යුතුය.
  • අදාල විවාහය සිංහල,ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවෙන් ලියාපදිංචි කළ හැකිය.
  • සාමාන්‍ය විවාහ නීතිය යටතේ හෝ උඩරට විවාහ දික්කසාද නීතිය යටතේ හෝ මුස්ලිම් නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කර ගත හැකිය. (මුස්ලිම් නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කර ගැනීම සඳහා මුස්ලිම් රෙජිස්ට්‍රාර්වරයෙකු සිටිය යුතුයි.)

සහතිකවල දෝස නිවැරදි කිරීම

සාමාන්‍ය විවාහ සහතික පත්‍රයක වරදක් නිවැරදි කිරිම

  • විවාහය ලියාපදිංචි කිරිමේදි සිදුවී ඇති වරදක් නිවැරදි කර ගැනීම සඳහා එකී විවාහයේ පාර්ශවකරුවන් අදාල ඉල්ලීම නිශ්චිත බලයක් සහිත දිසා අධිකරණයක් වෙත ඉදිරිපත් කළ යුතුය.
  • අවශ්‍ය ලියවිලි,
    • විවාහ සහතිකය
    • අධිකරණය මගින් ඉල්ලා සිටින ලියවිලි
  • නීතිඥයකු මගින් පාර්ශවකරුවන් විසින් නිසි බලය සහිත දිසා අධිකරණයට ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය.
  • ලිපි දෝෂයක් නම් ඒ සම්බන්ධව විවාහය අයත් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාට ඒ පිළිබඳව දැනුම් දීම තුළින් විවාහ ලේඛණයේ දෙවන පිටපත නිවැරදි දැයි පරීක්ෂා කර ගත හැකිය.

උඩරට විවාහ සහතික පත්‍රයක වරදක් නිවැරදි කිරිම

  • විවාහය ලියාපදිංචි කිරිමේදී සිදුවී ඇති වරදක් නිවැරදි කර ගැනිම සදහා ඉල්ලීම විවාහය ලියාපදිංචි කළ ස්ථානය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය.
  • අවශ්‍ය ලියවිලි,
    • විවාහ සහතිකය
    • සිදුවී ඇති වරද හා නිවැරදි තොරතුරු ඇතුලත් දිව්රුම් ප්‍රකාශයක්
    • කරුණු තහවුරු කිරිමට අවශ්‍ය වෙනත් ලියවිලි

මුස්ලිම් විවාහ සහතික පත්‍රයක වරදක් නිවැරදි කිරිම

  • විවාහය ලියාපදිංචි කිරීමේදී සිදු වී ඇති වරදක් නිවැරදි කර ගැනීම සඳහ‍ා ඉල්ලීම විවාහය ලියාපදිංචි කල ස්ථානය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කල යුතුය.
  • අවශ්‍ය ලියවිලි,
    • විවාහ සහතිකය
    • සිදු වී ඇති වරද හා නිවැරදි තොරතුරු ඇතුලත් දිවුරුම් ප්‍රකාශයක්ක
    • කරුණු තහවුරු කිරීමට අවශ්‍ය වෙනත් ලියවිලි ඉදිරිපත් කිරීමෙන් පසු දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසින් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව නියෝග කිරීමට හැකියාව ඇත.

දික්කසාද ලබා ගැනීම

සාමාන්‍ය විවාහ නිතිය යටතේ විවාහයක් දික්කසාද කිරීම

  • මෙම කාර්යය සම්පුර්යෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයකි. නීතීඥවරයකු හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුයි.

උඩරට විවාහයක් දික්කසාද කිරීම 

  • අයදුම් පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
    • අයදුම්කරු උඩරට ප්‍රදේශයක පදිංචි නම් පදිංචි ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත.
    • අයඳුම්කරු උඩරට ප්‍රදේශයක පදිංචි නොවන්නේ නම්, වගඋත්තරකරු උඩරට ප්‍රදේශයක පදිංචිව සිටින්නේ නම් එම කොට්ඨාශය අයත් ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත හෝ විවාහය ලියාපදිංචි කර ඇති කොට්ඨාශය අයත් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත.
    • දෙපාර්ශවයම උඩරට ප්‍රදේශයෙන් පිටත පදිංචිව සිටින්නේ නම් විවාහය ලියාපදිංචි කරන ලද කොට්ඨාශය අයත්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත.
  • දික්කසාදය ඉල්ලුම් කිරීම සඳහා අයදුම් පත්‍රය දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගන්න.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
    • උඩරට විවාහ සහතිකය
    • පැමිණිල්ල තහවුරු කිරීමට අවශ්‍ය ලියවිලි ඇත්නම්
  • දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් දෙපාර්ශවය විමර්ශන කටයුතු සඳහා කැඳවනු ලබයි.
  • ඉල්ලුම් පත්‍රයේ සඳහන් කරුණු තහවුරු වේ නම් දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් දික්කසාද නියෝගය නිකුත් කරයි. නැතිනම් දික්කසාද කිරීම ප්‍රතික්ශේප කරයි.
    • දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් දෙනු ලබන තීන්දුව පිළිනොගන්නේ නම්, දින 30 ක් ඇතුලතදී අතෘප්තිමත් පාර්ශවය විසින් දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.
  • දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් අදාළ අභියාචනය දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන අතර අධිකරණ නියෝගය අනුව ඉදිරි කටයුතු කරයි.

මුස්ලිම් විවාහයක් දික්කසාද කිරීම

  • මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ සිදු කරන ලද විවාහයක් දික්කසාද කිරීමට ස්ත්‍රීය හෝ ප්‍රුරුෂයා විසින් අධිකරණ අමාත්‍යාංශය මගින් තම බල ප්‍රදේශය සඳහා පත් කර ඇති ක්වාසිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. (1951 අංක 13 දරන මුස්ලිම් විවාහ දික්කසාද පනත 115 අධිකාරය බලන්න )

දික්කසාද සහතිකය ලබා ගැනීම

උඩරට විවාහ දික්කසාද සහතිකය ලබා ගැනීම

  • දිස්‍ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් ලබාදෙන දික්කසාද තීන්දුව සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් නොවන්නේ නම් (තීන්දුව ලබා දී දින 30 ක් ඇතුලත) අභියාචනා කාලය අවසන් වු විට දික්කසාද සහතිකය ස්ත්‍රී පාර්ශවය වෙත ලබා දෙයි.
  • දික්කසාදය පිළිබඳව දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ තීරණයට එරෙහිව අභියාචනා කර ඇත්නම් අධිකරණ නියෝගය අනුව දික්කසාද සහතිකය අදාල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කෙරේ.

මුස්ලිම් විවාහ දික්කසාද සහතිකය ලබා ගැනීම

  • විවාහය දික්කසාද කරන අවස්ථාවේ නොමිලේ පිටපතක් අදාල ස්ත්‍රී පාර්ශවයට ක්වාසිවරයා විසින් නිකුත් කරනු ලබන අතර තවත් පිටපත් අවශ්‍ය වන්නේ නම් ක්වාසිවරයාගේ බල ප්‍රදේශයට අයත් ප්‍රදේශිය ලේකම් කාර්යාලයට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කොට සහතික පිටපත් ලබා ගත හැකිය.

විවාහ සහතිකයක සහතික කරන ලද පිටපත් සහ පරිවර්තන පිටපත් ලබා ගැනීම

විවාහ සහතිකයක සහතික පිටපත් ලබා ගැනීම

  • විවාහ සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ විවාහය සිදුවූ ස්ථානයට අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
  • අදාල සහතිකය දත්ත පද්ධතියේ ඇත්නම්, ඔබට ආසන්නයේම ඇති ඔිනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින් ද එහි සහතික පිටපත් ලබා ගත හැකියි.
    • 1960.01.01 දින සිට 2020.01.01 දක්වා වූ සහතික වල පිටපත් පද්ධතිය මගින් ලබා ගත හැකිිය. (දත්ත පද්ධතියේ ඇත් ද යන්න ඔබට ආසන්නයේම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පරික්ෂා කර තහවුරු කරගත හැකිිය.)
  • අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් හෝ මෙම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.document-download 
  • අයකරනු ලබන ගාස්තු,
    • විවාහ සහතිකයේ අංකය, ලියාපදිංචි කළ කොට්ඨාශය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට - එක පිටපතකට ගාස්තුව රු.120.00 කි.
    • විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, (වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන බැවින්) - එක පිටපතකට ගාස්තුව රු.250.00 කි.
  • අදාල ගාස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ (බත්තරමුල්ල ශාඛාවේ) 7039827 දරණ ගිණුම් අංකයට ගෙවීම් කර එහි දී ලබා දෙනු ලබන ලදුපත (Bank Slip) සහ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර සහතික පිටපත් ඉල්ලුම් කළ හැකිය. ස්වයංක්‍රීය ටේලර් යන්‍ත්‍ර මගින් කරනු ලබන ගෙවීම් හෝ Online payment භාරගනු නොලැබේ.
  • විවාහ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම්, ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉහත දක්වා ඇති පරිදි මුදල් ගෙවු රිසිට් පත ද ඉදිරිපත් කළ යුතුය.
  • විවාහය ලියාපදිංචි වී තිබේ නම්, අදාල විවාහ සහතිකයේ ඉල්ලුම් කර ඇති පිටපත් සංඛ්‍යාව ගෙවන ලද මුදල අනුව නිකුත් කරනු ලබන අතර විවාහය ලියාපදිංචි වී නොමැති නම්, ඒ පිළිබඳව බී38 ආකෘතිය මගින් දන්වා යවනු ලැබේ.

** ‌එසේම https://online.ebmd.rgd.gov.lk වෙත පිවිසීමෙන් Online ක්‍රම‌වේදය ඔස්සේ සහතික පිටපත් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.

විවාහ සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම

  • මෙම සේවාව ලබගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පිලිබඳව වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. පරිවර්තකයින් සේවය කරන කාර්යාල
  • ලබාගත හැකි පරිවර්තන,
    • සිංහල - ඉංග්‍රීසි
    • ඉංග්‍රීසි - සිංහල
    • දෙමළ - ඉංග්‍රීසි
    • ඉංග්‍රීසි - දෙමළ
  • අයදුම්පත්‍ර පරිවර්තකයින් සේවය කරන කාර්යාල වලින් හෝ වෙබ් අඩවියෙන් භාගත කළ හැකිය. document-download
  • ඉල්ලුම්පත්‍ර භාරගන්නා වේලාව: 
    • සතියේ කාර්යාල දිනයන් හි ‌පෙපෙ. 9.00 - ප.ව. 2.30 
    • සෙනසුරාදා,ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හි විවෘත කරනු නොලැබේ.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
    • පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
    • තැපෑලෙන් ලබාගන්නේ නම්, ඉහත අවශ්‍යතා වලට අමතරව ලබන්නාගේ ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
  • පරිවර්තන ගාස්තු
    • එක් පරිවර්තන පිටපතක් සඳහා රු.600.00 කි.
    • ඕනෑම පරිවර්තන ප්‍රමාණයක් ලබාගත හැක.
  • ගතවන කාලය :   කාර්යාල දින 05 කි.
  • දැනට එක් දින සේවයක් නොමැත.

උප්පැන්න, විවාහ හා මරණ සහතික ලියාපදිංචි කිරීම හා පිටපත් නිකුත් කිරීම

  • දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 334 යටතේ පිහිටා ඇති එක් එක් රෙජිස්ට්‍රාර් කොට්ඨාසයට පත් කර ඇති උප්පැන්න විවාහ හා මරණ රෙජිස්ට්‍රාර්වරුන් විසින් මෙම ලේඛණ ලියාපදිංචි කරනු ලබයි.
  • සහතික පිටපත් නිකුත් කරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගිනි .
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි පිහිටා ඇති දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය විවෘතව පවතින්නේ සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව.3.45 දක්වා වේ. (මුදල් කවුළු විවෘතව පවතින්නේ ප.ව 3.00 දක්වා පමණි.)
    • සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හිදී සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා කාර්යාල විවෘත කරනු නොලැබේ.
  • කොට්ඨාස රෙජිස්ට්‍රාර්වරුන්ගේ කාර්යාල වේලාවන් පෙ.ව.10.00 සිට ප.ව.2.00 දක්වා වේ.

උපත් ලියාපදිංචිය සිදු කරනු ලබන්නේ අදාල සිද්ධිය සිදු වූ ස්ථානය පදනම් කරගෙනය.

නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

  1. උපත සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දිය යුතුයි.
  2. සෑම උපතක් සම්බන්ධයෙන්ම එකී උපතට අදාලව B23 ආකෘති පත්‍රය ප්‍රකාරව පිලියෙල කල වාර්තාවක් ග්‍රාම නිලධාරී විසින් උපත සිදු වු ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වෙත යැවිය යුතුය.
  3. උපත ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදුවූ ස්ථානයට පත් කර ඇති උප්පැන්න හා මරණ කොට්ඨාසයේ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. (උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් ලැයිස්තුව)
  4. නිවැරදිව සම්පූර්ණ කරන ලද ලියාපදිංචි කිරීම CR01 ආකෘතිය උපන් ස්ථානයට අදාළ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දිය යුතුය. එම ලියාපදිංචි කිරීම CR01 ආකෘතිය උපන් ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් හෝ වෙබ් අඩවියෙන් භාගත කර ගැනීමට හැකියාව.  document-download
  5. උපතක් දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
    • පියා
    • මව
    • දරුවා උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන්
    • භාරකරුවන්
  6. උපතක් දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන් විසින් උපත ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කල යුුුතු ලියවීලි
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ලියාපදිංචි කිරීම CR01 ආකෘතිය
    • දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ ඡායා පිටපතක් (එසේ නොමැති නම් අංක 7 බලන්න.)
    • දෙමව්පියන්ගේ උප්පැන්න සහතික වල ඡායා පිටපත්
    • ජාතික හැඳුනුම්පතේ මුල් පිටපත හා ඡායා පිටපතක්
  7. දෙමාපියන් අවිවාහක නම් පියාගේ තොරතුරු ඇතුලත් කිරීම පිණිස මව්පියන් දෙදෙනාම, උපත සිදු වූ ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත යා යුතුයි.
  8. උපත සිදු වී මාස 03ක් ඇතුලතදී උපත නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක. උපත සිදු වී මාස 03කින් පසුවද උපත ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.
  9. උපතක් ලියාපදිංචියෙන් පසු දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න ලේඛනයේ පිටපතක් නිකුත් කරනු ලැබේ.
  10. උපන් දිනය හා ස්ථානය මවගේ දන්නා තොරතුරු මත පමණක් වුවද (අවස්ථානුකූලව ඊටත් වඩා අඩු තොරතුරු ඇතුලත් කර වුවද), උපතක් ලියාපදිංචි කිරීමට හැකියාව පවතී. එහිදී ලබා දෙනු ලබන තොරතුරු වලට අදාල තීර පමණක් සම්පූර්ණ කර උප්පැන්න ලේඛණයක් නිකුත් කෙරේ.

** ඔබට එම උප්පැන්න ලේඛනය ලද විට කියවා බලා පරික්ෂා කොට රැගෙන යාමට කාරුණික වන්න.

(1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ විධිවිධාන අදාල වේ.)

රෝහලක (රජයේ හෝ පෞද්ගලික) සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

  • උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ස්ථානයට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. (උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් ලැයිස්තුව) උපත සිදු වූයේ රෝහලක නම්, එම ස්ථානයට අදාල හෝ රෝහලට පත් කර සිටින රෙජිස්ට්‍රාර්වරයාට උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දිය යුතුයි.
  • උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • පියා
    • මව
    • දරුවා උපන් අවස්ථාවේ දී ලඟ සිටි පුද්ගලයන්, දරුවා භාරව සිටින පුද්ගලයන්
    • රෝහලේ වෛද්‍ය නිලධාරී
  • දෙමව්පියන් අවිවාහක නම් පියාගේ තොරතුරු ඇතුලත් කිරීම පිණිස මව්පිය දෙදෙනාට, උපත සිදු වූ රෝහලට අදාල උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත යා යුතුයි.
  • උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ලියාපදිංචි කිරීම CR01 ආකෘතිය, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබා ගත හැකි අතර වෙබ් අඩවියෙන් ද භාගත කර ගත හැකිය. document-download
  • උපතක් දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයින් විසින් උපත ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළයුතු ලියවිලි
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ලියාපදිංචි කිරීම CR01 ආකෘතිය
    • උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
    • දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ ඡායා පිටපතක්
    • දෙමව්පියන්ගේ උප්පැන්න සහතික වල ඡායා පිටපතක්
    • ජාතික හැඳුනුම්පතේ මුල් පිටපත හා ඡායා පිටපතක්
  • දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න ලේඛණයේ පිටපතක් නිකුත් කරනු ලැබේ.

** ඔබට එම උප්පැන්න ලේඛනය ලද විට කියවා බලා පරික්ෂා කොට රැගෙන යාමට කාරුණික වන්න.

(1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ විධිවිධාන අදාල වේ.)

ලියාපදිංචි වත්තක් තුළදී සිදුවන උපතක් ලියාපදිංචි කිරීම

  • උපත සිදුවී දින 07ක් ඇතුලත පහත සඳහන් උපතක් ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන් විසින් වතු අධිකාරිවරයා ‍වෙත (වතු අධිකාරිවරයෙකු නොමැති හෝ වතු අධිකාරි විසින් දැනුම් දීමට භාර නොගන්නේ නම් උපන් ස්ථානයට අදාලව පත් වී සිටින ග්‍රාම නිලධාරි වෙත) උපත දැනුම් දිය යුතුයි.
  • වතු අධිකාරිවරයෙකු නොමැති විට උපත ග්‍රාම නිලධාරි වෙත දැනුම් දෙන්නේ නම් ඒ සඳහා නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම විස්තර බලන්න.
  • දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
    • පියා
    • මව
    • උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන්
    • භාරකරුවන්
  • වතු අධිකාරිවරයා විසින් වතු උපත් වාර්තාව සහතික කර උපත ලියාපදිංචි කරන ලද පුද්ගලයන් දෙනු ලබන ලද ලියාපදිංචි කිරීම CR01 ආකෘතිය ද සමඟ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හරහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත යොමු කෙරේ.
  • අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් උපත ලියාපදිංචි කර උප්පැන්න සහතිකය අදාළ වතු අධිකාරිවරයා වෙත යොමු කෙරේ.
  • දැනුම් දෙන්නාට වතු අධිකාරිවරයාගෙන් උප්පැන්න සහතිකය නොමිලයේ ලබා ගත හැකිය.

** ඔබට එම උප්පැන්න ලේඛනය ලද විට කියවා බලා පරික්ෂා කොට රැගෙන යාමට කාරුණික වන්න.

(1951 අංක 17 දරණ උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේවිධිවිධාන අදාල වේ.)

විදේශයක සිදු වූ උපතක් අදාල රටේ දී ලියාපදිංචි කිරීම

  • ශ්‍රී ලාංකික මව්පියන්ට (එක් පාර්ශවයක්වත් ශ්‍රී ලාංකික විය යුතුයි.) දාව විදේශයන් හි උපත ලබන දරුවන්ගේ උපත් විදේශයන්හි දී ලියාපදිංචි කරගත හැක.
  • උපත ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ රටේ පිහිටි ශ්‍රී ලංකා තානාපති / ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙනි.
  • උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශ පත්‍රය ශ්‍රී ලංකා තානාපති / ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකිය.
  • උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • පියා
    • මව
    • භාරකරු
  • ඉදිරිපත් කළ යුතු ලියවිලි, (මුල් පිටපත් හා ඡායා පිටපත් කට්ටලයක් ඉදිරිපත් කල යුතුය.)
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශ පත්‍රය
    • උපත තහවුරු කිරීමට අදාල ලියවිලි (උපත ලද විදේශිය රටින් නිකුත් කල උප්පැන්න සහතිකය හෝ රෝහල් වාර්තාව)
    • දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ ඡායා පිටපතක්
    • දෙමව්පියන්ගේ උප්පැන්න සහතික වල ඡායා පිටපතක්
    • දරුවා උපදින අවස්ථාවේ භාවිතා කල විදේශ ගමන් බලපත්‍රය හා වීසා බලපත්‍රය
    • මව හා පියා විදේශයක පුරවැසි බව ලබා ඇත්නම් එම සහතිකය
  • රජයේ ගාස්තු වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නියම කරන ලද මුදල අදාල රටේ වලංගු මුදලින් ගෙවිය යුතුය.

විදේශයක සිදු වූ උපතක් මෙරටේ දී ලියාපදිංචි කිරීම

  • අවුරුද්දක කාලසීමාවක් ඇතුලත දී රජයේ ගාස්තු ගෙවා අදාල රටේ තානාපති/මහකොමසාරිස් කාර්යාලය හරහා උපතක් ලියාපදිංචි කරවා ගත නොහැකි වුවහොත් එම උපත කල් ගත වූ උපතක් ලෙස ලියාපදිංචි කිරීමට උපත සිදුවූ රටේ තානාපති/මහකොමසාරිස් කාර්යාලයට පහත ලේඛන භාර දීමට හැකියාව පවතී.එකී ලේඛන අනුමැතිය සඳහා අදාල තානාපති කාර්යාලය මගින් මාලිගාවත්ත මධ්‍යම ලේඛනාගාරය වෙත යොමු කරනු ලබයි.
  • ඉදිරිපත් කළ යුතු ලියවිලි, (මුල් පිටපත් හා ඡායා පිටපත් කට්ටලයක් ඉදිරිපත් කල යුතුය.)
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශ පත්‍රය
    • උපත තහවුරු කිරීමට අදාල ලියවිලි (උපත සිදු වූ විදේශිය රටින් නිකුත් කල උප්පැන්න සහතිකය හෝ රෝහල් වාර්තාව)
    • දෙමව්පියන්ගේ විවාහ සහතිකය (සහතික පිටපත්)
    • දෙමව්පියන්ගේ උප්පැන්න සහතික (සහතික පිටපත්)
    • දරුවා උපදින අවස්ථාවේ මව භාවිතා කල විදේශ ගමන් බලපත්‍රය හා වීසා බලපත්‍රය
    • මව සහ/හෝ පියා විදේශයක පුරවැසි බව ලබා ඇත්නම් එම සහතිකය
  • එසේම දරුවාගේ උපත සිදු වී වසරක් ගත වීමට පෙර/ගත වීමෙන් පසු යන කිනම් හෝ කාලයක දී අදාල විදේශයේ පිහිටි තානාපති/මහකොමසාරිස් කාර්යාලය මගින් ලියාපදිංචි කර නොමැති නම්, මාලිගාවත්ත මධ්‍යම ලේඛණාගාරය වෙත ලේඛන කිරීමෙන් උපත ලියාපදිංචි කරවා ගත හැකියි.
  • උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශ පත්‍රය මාලිගාවත්ත මධ්‍යම ලේඛනාගාරයේ කොන්සියුලර් අංශයෙන් ලබාගත හැකිය.
  • උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
    • පියා
    • මව
    • භාරකරු
  • ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට ලියාපදිංචි ගාස්තු වශයෙන් රු.13,755.00 ක මුදලක් ගෙවා ලබා ගත් රිසිට්පත ඉදිරිපත් කල යුතුයි.

** ඒ සඳහා අවශ්‍ය තොරතුරු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරයේ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගෙන් ලබා ගැනීමට හැකියාව ඇත. දුරකථන අංකය : +94 112 329 773 හෝ +94 112 433 075 / 071 8255066

ලියාපදිංචි නොකල උපතක් ලියාපදිංචි කිරීම.

කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම

  • උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් කල්ගත වූ උපතක් ලෙස ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇත. (8/2008 චක්‍ර්‍රලේඛය බලන්න.)
  • ඒ සඳහා උප්පැන්න විවාහ හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ 24 වන වගන්තිය යටතේ වන ප්‍රකාශ පත්‍රයක් උපත සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කල යුතුය. (මාස තුනේ සිට වසරක කාලයක් සඳහා ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පත්‍රයට, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාට අනුමැතිය ලබා දිය හැකිය.)
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය,
    • දෙමව්පියන්‌ගෙන් කෙනෙකු
    • දරුවාගේ භාරකරු
    • උනන්දුවක් දක්වන ඕනෑම අයකු
  • ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 60.00 කි.
  • උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය.
    • මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකයේ සහතික කල පිටපතක්
    • විෂයගේ (උපතට අදාල තැනැත්තා) උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
      • රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
      • ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත (B23)
      • වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
      • පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්
  • ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලිවලින් එකක්,
    • සෞඛ්‍ය වර්ධන සටහන
    • බෞතීස්ම සහතිකය,
    • පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
    • වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව
    • උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය
  • මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්
  • උපත සිදු වී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
    • උපත ලියාපදිංචි වී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය)
    • මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකයේ සහතික කල පිටපතක්
    • විෂයගේ(උපතට අදාල තැනැත්තා) පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
      • රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
      • ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත (B23)
      • වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
      • පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්
  • ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලිවලින් එකක්,
    • සෞඛ්‍ය වර්ධන සටහන
    • බෞතීස්ම සහතිකය,
    • පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
    • වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව
    • උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය
  • මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්

අනුමාන වයස් සහතික නිකුත් කිරීම

  • උප්පැන්න සහතිකයක් ලියාපදිංචි කිරීම සඳහා නිසි තොරතුරු (රෝහල් උපත් වාර්තාව/ ග්‍රාම නිලධාරි වාර්තාව වැනි උපත සනාථ කල හැකි ලියවිලි) සැපයිය නොහැකි ඔිනෑම පුද්ගලයෙකුට අනුමාන වයස් සහතිකයක් ලබා ගැනීම සඳහා උපන් ස්ථානයට අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ඉල්ලුම් කල හැකිය.
  • අවශ්‍ය ලේඛන
    • ප්‍රකාශ පත්‍රය
    • ලේඛන සෙවීමේ ප්‍රතිඵල
    • දිවුරුම් ප්‍රකාශ හා වාර්තා
    • ග්‍රාම නිලධාරි වාර්තා
    • උපත සනාථ කල හැකි බවට වන තොරතුරු
    • උපන් දිනය සනාථ කල හැකි ලියවිලි ඉදිරිපත් කිරීම මගින් අනුමාන වයස් සහතිකයෙහි උපන් දිනය සටහන් කරගත හැකිය.
  • මේ සම්බන්ධයෙන් තවදුරටත් විස්තර අවශ්‍ය වේ නම්, ළඟම පිහිටි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මහතා/මහත්මිය හමුවන්න. 

උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරිම

  • උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක,
    • 01 තීරයෙහි විස්තර - උපන් දිනය සහ උපන් ස්ථානය
    • 02 තීරයේ නමක් ඇතුලත් කර නොමැති අවස්ථාවක, නමක් ඇතුලත් කිරීමට හෝ උප්පැන්න ‌ලේඛණයක ඇතුලත්ව ඇති නමක් පසුව වෙනස් කිරීමට
    • 03 තීරයෙහි විස්තර - ස්ත්‍රී/පුරුෂ භාවය
    • 04 තීරයෙහි විස්තර පියාගේ තොරතුරු (ජාතිය හැර) සංශෝධනය කිරීමට
    • 05 තීරයෙහි විස්තර - මවගේ තොරතුරු සියල්ල 
    • 06 තීරයෙහි විස්තර - මව්පියන් විවාහක/අවිවාහක බව
    • 07 තිීරයෙහි විස්තර - මුත්තාගේ තොරතුරු
    • 09 තීරයෙහි විස්තර - දැනුම් දෙන්නාගේ තොරතුරු

         සංශෝධනය කිරීම කළ හැකිය.

  • ඊට අදාළ ප්‍රකාශ පත්‍රය, උපත සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය.
  • ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
    • උප්පැන්නය හිමි තැනැත්තා
    • පියා හෝ මව
    • නීත්‍යානූකුල භාරකරු
    • උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු
  • ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 60.00 කි.
  • ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කල යුතුය.
  • ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් ඔබගේ පහසුව සඳහා පහත දක්වා ඇත.
    • මව්පියන්ගේ විවාහ සහතිකයේ සහතික කල පිටපතක්
    • දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය
    • පියාගේ හා මවගේ උප්පැන්න සහතික වල සහතික කල පිටපත්
    • මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්න ලේඛනයක සහතික කල පිටපතක්
    • විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්න ලේඛනයක සහතික කල පිටපතක්
    • ආරෝග්‍යශාලා, මාතෘ නිවාසවල ඇති සටහන්වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
    • ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය
    • විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
    • පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකයේ සහතික කල පිටපතක්

දරුවෙකු දරුකමට හදා ගැනීම

  • දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 14ට වැඩි නොවිය යුතුය.
  • ඉල්ලුම්කරු විසින් සපුරාලිය යුතු අවශ්‍යතා,
    • ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 25ට වැඩි විය යුතූය.
    • දරුවා හදා ගැනීමට ඉල්ලුම්කරන්නා සහ අදාළ දරුවා අතර අවම වයස පරතරය අවම අවුරුදු 21ක් විය යුතූය.
    • අදාළ දරුවා ඉල්ලුම්කරුගෙන් පැවත එන්නකු නම්, ඉල්ලුම්කරුගේ සහෝදරයකුගේ/ සහෝදරියකගේ හෝ ඔවුන්ගෙන් පැවත එන දරුවකු නම් හෝ ඒ අයගේ විවාහක පාර්ශවකරුගේ දරුවකු නම් ඉහත තත්ත්වය අදාළ නොවේ.
  • දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 10ට වැඩි නම් දරුවාගේ කැමැත්ත අවශ්‍ය වේ.
  • ඉදිරිපත් කරනු ලබන සහතික හා ලේඛන මත පදනම්ව දරුකමට හදා ගැනීමේ ආඥාවක් නිකුත් කරනු ලබන්නේ දිසා අධිකරණය විසිනි.
  • එම ආඥාව (අංක 4 දරණ ආකෘති පත්‍රය) මත, දරුකමට ගැනීම පිලිබඳ සහතිකය (B143 ආකෘතිය) රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන අතර, එමගින් දරුකමට හදාගන්නා ළමයාගේ උපත නැවත ලියාපදිංචි කරවා ගත හැකිය.
  • උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා පහත සඳහන් ලියවිලි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.
    • උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය (B149)
    • මව්පියන්ගේ විවාහ සහතිකයේ සහතික කල පිටපතක්
    • මවගේ සහ පියාගේ උප්පැන්න ලේඛන වල සහතික කල පිටපතක්
    • දරුවාට මීට පෙර උප්පැන්න සහතිකයක් ලියාපදිංචි වී තිබේ නම්, එම සහතිකය හෝ ලියාපදිංචි වී නොමැති නම් හිස් ප්‍රතිඵල ලේඛණය
  • උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉහත තොරතුරු සමඟ නිවැරදිව ඉදිරිපත් කරන ලද ඉල්ලුම් පත්‍රය, දරුවා උපන් ස්ථානයට අයත්වන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් යොමු කරනු ලැබේ.

 සහතික කරන ලද පිටපත් සහ පරිවර්තනය කරන ලද පිටපත් ලබා ගැනීම.

උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

  • උප්පැන්න සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ උපත සිදුවූ ස්ථානයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
    • අදාල සහතිකය දත්ත පද්ධතියේ ඇත්නම්, ඔබට ආසන්නයේම ඇති ඔිනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින් එහි සහතික පිටපත් ලබාගත හැකියි.
    • 1960.01.01 වන දින සිට 2020.12.31 දින දක්වා වූ සහතික වල පිටපත් පද්ධතිය මගින් ලබා ගත හැකිය. (දත්ත පද්ධතියේ ඇත් ද යන්න ඔබට ආසන්නයේම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පරික්ෂා කර තහවුරු කර ගත හැකිය.)
  • අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන්/වෙබ් අඩවියෙන් ලබාගත හැක. document-download
  • අයකරනු ලබන ගාස්තු,
    • උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට - එක පිටපතකට ගාස්තුව රු.120.00
    • උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, (වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන බැවින්) - එක පිටපතකට ගාස්තුව රු.250.00
  • අදාල ගාස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ (බත්තරමුල්ල ශාඛාවේ) 7039827 දරණ ගිණුම් අංකයට ගෙවීම් කර, එහි දී ලබා දෙනු ලබන ලදුපත (Bank Slip) සහ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය, අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර සහතික පිටපත් ඉල්ලුම් කල හැකිය. ස්වයංක්‍රිය ට්‍රේලර් යන්ත්‍ර මගින් කරනු ලබන ගෙවීම් හෝ Online payment භාරගනු නොලැබේ.
  • උප්පැන්න සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම්, ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්, ඉල්ලුම් පත්‍රය හා ඉහත දක්වා ඇති පරිදි මුදල් ගෙවූ රිසිට්පත ද සමග ඉදිරිපත් කල යුතුය.
  • උපත ලියාපදිංචි වී තිබේ නම්, අදාල උප්පැන්න සහතිකයේ ඉල්ලුම් කර ඇති පිටපත් සංඛ්‍යාව ගෙවන ලද මුදල අනුව නිකුත් කරනු ලබන අතර උපත ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව B38 ආකෘතිය මගින් දන්වා යවනු ලැබේ.

** එසේම https://online.ebmd.rgd.gov.lk වෙත පිවිසීමෙන් Online ක්‍රමවේදය ඔස්සේ සහතික පිටපත් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.

උප්පැන්න සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම

  • මෙම සේවාව ලබගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පිලිබඳව වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. පරිවර්තකයින් සේවය කරන කාර්යාල
  • ලබාගත හැකි පරිවර්තන
    • සිංහල - ඉංග්‍රීසි
    • ඉංග්‍රීසි - සිංහල
    • දෙමළ - ඉංග්‍රීසි
    • ඉංග්‍රීසි - දෙමළ
  • අයදුම්පත්‍ර භාරගන්නා වේලාව :  සතියේ කාර්යාල දිනයන්හි පෙ.ව. 9.00 - ප.ව. 2.30 (සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන් හි විවෘත කරනු නොලැබේ.)
  • ඉල්ලුම් පත්‍රය පරිවර්තකයින් සේවය කරන කාර්යාලවලින් ‌‌හෝ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. document-download
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
    • පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
    • තැපෑලෙන් ලබාගන්නේ නම්, ඉහත අවශ්‍යතා වලට අමතරව ලබන්නාගේ ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
  • පරිවර්තන ගාස්තු
    • එක් පරිවර්තන පිටපතක් සඳහා රු. 600.00 කි.
    • ඕනෑම පරිවර්තන ප්‍රමාණයක් ලබාගත හැක.
  • ගතවන කාලය : කාර්යාල දින 05 කි.
  • දැනට එක් දින සේවයක් නොමැත.

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk