ප්‍රාග්ධනය උත්පාදනය කිරීමේ මෙවලමක් ලෙස ඉඩම් උපයෝජනය සදහා ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ ගැටළු දිගු කාලයක් පුරා පවතින බාධකයක් වී තිබේ. ලේඛන වෙත ප්‍රවේශය සදහා ඇති දුෂ්කරතා, දිගු කාලයක් ගැනීමට සිදුවන සොයා බැලීම් සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලවල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙම වැඩසටහන සඳහා බාධාවක් වී තිබේ. එහෙයින් ඉ -ඉඩම් රෙජිස්ටරයේ අරමුණ වනුයේ ඉහත ගැටළු සඳහා විසඳුම් සැපයීම හා ඉඩම් ලේඛන, තොරතුරු ලියාපදිංචිය, පෙළපත් තොරතුරු සකස් කිරිම සඳහා පහසුකම් සැපයීම වේ. එසේම ලේඛනවල ආරක්ෂාව තහවුරු කිරීම, සාමාන්‍ය මහජනයා සහ අනෙකුත් රජයේ ආයතන වෙත කඩිනම්, වඩා පහසු සහ ලාභදායී සේවාවක් සැපයීම, ඉඩම් ලියාපදිංචි කිරීමේ තොරතුරු වෙත ප්‍රවේශය ඉහළ නැංවීම මගින් ව්‍යාපාර කිරීමේ දර්ශකයේ ශ්‍රී ලංකාවේ තත්වය ඉහළට ඔසවා තැබීම ද මෙහි අරමුණු වේ.
ඉ- ඉඩම්
ඉ- ඉඩම්
News & Events
- සංවර්ධන නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නව පත්වීම් ලබා දීම - 2021
- උප්පැන්න විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමේ ගාස්තු හා ප්‍රකාශ පත්‍ර සඳහා වන ගාස්තු සංශෝධනය කිරීම
- ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල වල තදබදයට විසදුම් කඩිනමින්
- භාවනා වැඩ සටහන 2021 මාර්තු
- රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 2021 වසර සඳහා සේවා පහසුකම් දීපව්‍යාප්ත කරයි