hon dinesh gunawardenaගරු අග්‍රමාත්‍ය 
දිනේෂ් ගූණවර්ධන මහතා

 

 

mr pradeep yasrathne

ලේකම්
ප්‍රදීප් යසරත්න මහතා   
 
 
 
 
rg2   රෙජිස්ට්‍රාර් ජෙනරාල්
   ඩබ්.ආර්.ඒ.එන්.එස්.
   විජයසිංහ මහතා
 
 
 
 

1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ කඩිනම් සේවා සාධන පත්‍ර  ලියාපදිංචිය සඳහා ගාස්තු

title-fee new

  • හිමිකම් සහතිකයක පිටපතක් ලබා ගැනීම සඳහා - රු. 2500.00
  • සාධන පත්‍රයක දෝෂයක් හේතුවෙන් හිමිකම් සහතිකයක් නිකුත් කිරීම සඳහා - රු.1000.00
  • ගාස්තු ගෙවීමේ දී, ඉඩම පිහිටි ප්‍රදේශයේ හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට පැමිණ ගෙවිය යුතුය.

 

Fees for registration of expeditious service instruments under the Registration of Titles Act , No.21 of 1998.

Revision of new fees

Registration fees- expeditious service

 

Type of instrument

 Revised normal fees

(7041651)

Difference between normal fees and expeditious fees (7041650)

Total with expeditious service fees

Registration fees

Fees for new title certificate

Sales/transfers/gift

(with the title certificate)

Rs.1000.00

 Rs.600.00

 Rs.1500.00

 Rs.3100.00

Mortgages

  Rs.1000.00

-

 Rs.800.00  Rs.1800.00

Addresses

  Rs.500.00

-

 Rs.175.00  Rs.675.00

Taxes

  Rs.1000.00

-

 Rs.800.00  Rs.1800.00

Sales agreements

  Rs.1000.00

-

 Rs.1500.00  Rs.2500.00

Priority notices

  Rs.1000.00

-

 Rs.1000.00  Rs.2000.00

Cancellation of life interest

  Rs.1000.00

-

 Rs.800.00  Rs.1800.00

Sales certificates

( with the title certificate)

  Rs.1000.00

Rs.600.00

Rs.1000.00

 Rs.2600.00

Instrument of cancellation

  Rs.1000.00

-

 Rs.800.00  Rs.1800.00

Other instruments imposed under Title Act

  Rs.1000.00

-

 Rs.500.00  Rs.1500.00

Instruments declared by other Acts.

  Rs.1000.00

-

 Rs.500.00  Rs.1500.00

 

Issuance of copies of extracts

 

Revised normal fees

Expeditious service fees

Total with expeditious service fees

Copy of extract of the Title registrar

 Rs.600.00  Rs.250.00  Rs.850.00

Other application fees

 Rs.600.00  Rs.250.00  Rs.850.00
    • For obtaining of a copy of title certificate- Rs.2500.00
    • For issuance of a title certificate due an error of an instrument
    • When paying fees, it should be paid by visiting to the Title Registration office of which the land is situated. 

හිමිකම් සහතිකවලට අදාළව පසුගනුදෙනු ලියාපදිංචි කිරීම

v  හිමිකම් සහතිකයක් නිකුත් වූ ඉඩමකට අදාළව පසුව සිදු වන ගනුදෙනු එනම්, විකිණීම, ත්‍යාග දීම, උකස් කිරීම, බදු දීම ආදී ගනුදෙනු, පසුගනුදෙනු ව‍ශයෙන් හඳුන්වනු ලබයි.

v  මේ සඳහා භාවිතා කරනු ලබන සාධන පත්‍ර ආකෘතිය අංක 2308/27 හා 2022.12.01 දිනැති ගැසට් පත්‍රයේ සඳහන් වේ.

v  මෙම සාධන පත්‍ර අදාළ අනෙකුත් ලියවිලි ද සමඟ ඉඩම පිහිටි ප්‍රදේශයේ හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත ඉදිරිපත් කර ලියාපදිංචි කරගත හැකිය.මේ සඳහා දිවයින පුරා හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 30 ක් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල පරිශ්‍රය තුලම පිහිටා ඇත. contact-list

v  මෙම පනත යටතේ ගනු ලබන ඉඩමකට යම් සාධන පත්‍රයක් ලියාපදිංචි කරන ලද්දේ නම් මිස එම හිමිකමට හෝ සම්බන්ධතාවයට හිමිකමක් නොලැබේ.( 1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 38 වගන්තිය අනුව)

රාජකාරි වේලාවන්

සතියේ දින වල පෙ:ව 8.30 ත් ප:ව 3.00 ත් අතර අතින් ගෙනවිත් භාර දිය යුතුය. සෙනසුරාදා ,ඉරිදා සහ රජයේ නිවාඩු දින වලදී කාර්යාල විවෘත කරනු නොලැබේ.

සාධනපත්‍ර ලියාපදිංචියට ඉදිරිපත් කිරීමට හිමිකම ඇති පුද්ගලයින්

  1. ඒ යටතේ යම් සම්බන්ධතාවයක් හෝ ප්‍රතිලාභයක් ඉල්ලා සිටින යම් තැනැත්තකු විසින්
  2. එයින් බලපෑ යම් දේපලක් කෙරෙහි යම් සම්බන්ධතාවයක් ඇති හෝ ඒ මත අයභාරයක් ඇති යම් තැනැත්තෙකු විසින් හෝ
  3. ඒ සාධන පත්‍රය ලියා සහතික කරන යම් තැනැත්තෙකු විසින් ඉදිරිපත් කරනු ලැබිය හැකිය.

(1998 අංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 40 වගන්තිය අනුව)

ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛණ

  • මේ සඳහා භාවිතා කරනු ලබන සාධන පත්‍ර ආකෘති අංක 2308/27 හා 2022.12.01 දිනැති ගැසට් පත්‍රයේ සඳහන් වේ.
    • හිමිකරු නමට නිකුත් කරන ලද හිමිකම් සහතිකය
    • නොතාරිස්වරයා විසින් අංක 2308/27 හා 2022.12.01 දිනැති ගැසට් පත්‍රය අනුව සකස් කර සහතික කරන ලද අදාළ සාධන පත්‍රය (විකිණුම්/ පැවරුම්, තෑගි හෝ හුවමරු සාධන පත්‍රයක් නම් පිටපත් ‍2කින් යුතුව භාර දිය යුතුය.)
    • මුද්දර ගාස්තු ගෙවන ලද රිසිට්පතේ මුල් පිටපත
      • විකිණුම් හා ත්‍යාග සාධන පත්‍ර සඳහා පළාත් ආදායම් කොමසාරිස්ට ද, උකස් හා බදු සාධන පත්‍ර සඳහා දේශිය ආදායම්කොමසාරිස්ට ද, මුද්දර ගාස්තු ගෙවා තිබිය යුතුය.
      • මුද්දර ගාස්තු ගෙවීමේ රිසිට්ප‍තෙහි ඔප්පු අංකය සඳහන් කල යුතු ස්ථානයට හිමිකම් අංකය යොදන්න.
    • පැවරීමට අදාළ සාධන පත්‍රයක් නම් නව හිමිකම සහතිකයක් ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය (හි.ලි 31 අයදුම්පත)
  • ලියාපදිංචි කිරීමේ කවුළුව වෙත පෙ:ව 8.30 සහ ප:ව 3.00 අතර භාර දිය යුතුය.

ලේඛණ ලියාපදිංචි කරගත හැකි ආකාර

මෙම සේවාවන් කඩිනම් හා සාමාන්‍ය සේවා යන ආකාර 2 කින්ම සිදු කර ගත හැකිය.

කඩිනම් සේවාව

ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල මගින් කඩිනම් සේවාව යටතේ ලියාපදිංචි කල හැකි ලේඛණ

  • විකුණුම්කර
  • තෑගි
  • පැවරුම්
  • විකිණීමේ ගිවිසුම්
  • විකිණීමේ ගිවිසුම් අවලංගු
  • උගස්කර
  • ලිපිනය
  • උගස් පනතේ 47 වගන්තිය යටතේ වූ ප්‍රකාශය
  • උගස් අවලංගුව
  • බදු
  • බදු අවලංගුව
  • පූර්වතා දැන්වීම්
  • ජීවිත බුක්තිය අවලංගු කිරීම්
  • රජයේ අවලංගු කළ නොහැකි ඇටෝර්නි බලකර

හිමිකම් පසුගනුදෙනු ලියාපදිංචි කිරීමට අදාළ ලියාපදිංචි කිරීමේ ගාස්තු පමණක් ඉඩම පිහිටි ප්‍රදේශයේ  හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට පැමිණ දිනපොත් කවුළුව වෙත භාර දිය යුතු වේ.

හිමිකම් රෙජිස්ටරයක උධෘත පිටපත් නිකුත් කිරීම

හිමිකම් රෙජිස්ටරයක සහතික පිටපත් නිකුත් කිරීම දිවයින පුරා ඇති හිමිකම් රෙජිස්ට්‍රාර් කාර්යාල 30 ක් මඟින් සිදු කරනු ලැබේ. ඉඩම පිහිටි ප්‍රදේශයට අදාල හිමිකම් ලියාපදිංචි කිරිමේ කාර්යාලය වෙත ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර නියමිත ගාස්තු ගෙවා මෙම සේවය ලබා ගත හැකිය.

රාජකාරි වේලාවන්

  • සතියේ දින වල පෙ:ව 8.30 ත් ප:ව 3.00 ත් අතර අතින් ගෙනවිත් භාර දිය යුතුය. සෙනසුරාදා ,ඉරිදා සහ රජයේ නිවාඩු දින වලදී කාර්යාල විවෘත කරනු නොලැබේ.

ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය

ඉඩම පිහිටි ප්‍රදේශයට අයත් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත අයදුම්පත ඉදිරිපත් කර නියමිත ගාස්තු ගෙවා මෙම සේවය ලබා ගත හැකිය.

අයදුම්පත

නියමිත මුද්‍රිත අයදුම්පත ඉදිරිපත් කළ යුතුය. අයදුම් පත්‍රෙයහි අංකය හි.ලි 30  වේ. අයදුම්පත වෙබ් අඩවියෙන් බාගත කළ හැකිය. (හි.ලි 30 අයදුම්පත)

අයදුම්පත ඉදිරිපත් කිරීමට හිමිකම ඇති පුද්ගලයින්

අ. දේපළ අයිතිකරු

ආ.ප්‍රසිද්ධ නොතාරිස් වරයෙකු  හෝ බලය ලත් නියෝජිතයෙකු

අයදුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ නියෝජිතයෙකු නම් බලය පැවරූ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

ගාස්තු

අදාල කාර්යාලයට පැමිණ ගෙවීම් කළ යුතුය.

  • අංක 2308/27 හා දරණ අති විශේෂ ගැසට්පත්‍රය අනුව ගාස්තු අය කළ යුතු වේ.

විමසීම්

අදාළ හිමිකම් රෙජිස්ට්‍රාර්ගෙන් විමසීම් කළ හැකිය. කරුණාකර විමසීම් විස්තර බලන්න. contact-list

හිමිකම් සාධන පත්‍රයක සහතික පිටපත් ලබා ගැනීම

හිමිකම් සාධන පත්‍රයක පිටපත් නිකුත් කිරීම දිවයින පුරා ඇති හිමිකම් රෙජිස්ට්‍රාර් කාර්යාල 30 මඟින් සිදු කරනු ලැබේ.අදාළ නොතාරිස්වරයා විසින් හිමිකම් සහතිකයට අදාළ ගනුදෙනුව ලියාපදිංචි කරන ලද හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් මෙම සේවාව ලබා ගත හැකිය.

රාජකාරි වේලාවන්

  • සතියේ දින වල පෙ:ව 8.30 ත් ප:ව 3.00 ත් අතර අතින් ගෙනවිත් භාර දිය යුතුය. සෙනසුරාදා ,ඉරිදා සහ රජයේ නිවාඩු දින වලදී කාර්යාල විවෘත කරනු නොලැබේ.

ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය

  • ඉඩම පිහිටි ප්‍රෙද්ශයට අයත් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත අයදුම්පත ඉදිරිපත් කර නියමිත ගාස්තු ගෙවා මෙම සේවය ලබා ගත හැකිය.

අයදුම්පත

  • නියමිත මුද්‍රිත අයදුම්පත ඉදිරිපත් කළ යුතුය. අයදුම් පත්‍රෙයහි අංකය හි.ලි 30  වේ. අයදුම්පත වෙබ් අඩවියෙන් බාගත කළ හැකිය. (හි.ලි 30 අයදුම්පත)

අයදුම්පත ඉදිරිපත් කිරීමට හිමිකම ඇති පුද්ගලයින්

අ. දේපළ අයිතිකරු

ආ.ප්‍රසිද්ධ නොතාරිස් වරයෙකු  හෝ බලය ලත් නියෝජිතයෙකු

අයදුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ නියෝජිතයෙකු නම් බලය පැවරූ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

ගාස්තු

අදාල කාර්යාලයට පැමිණ ගෙවීම් කළ යුතුය.

විමසීම්

අදාළ හිමිකම් රෙජිස්ට්‍රාර්ගෙන් විමසීම් කළ හැකිය. කරුණාකර විමසීම් විස්තර බලන්න. contact-list

ලේඛණ  පරීක්ෂාව

  • ඉඩමකට අදාල හිමිකම් රෙජිස්ට්‍රිය( පත් ඉරුව) පරීක්ෂා කර ගැනීමට එම ඉඩම පිහිටි ප්‍රෙද්ශයේ හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් සිදු කර ගත හැකිය.
  • හිමිකම් සාධන පත්‍රයක් පරීක්ෂා කර ගැනීමට හා සහතික පිටපත් ලබා ගැනීමට අදාල ඉඩම ලියාපදිංචි කරන ලද හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් සිදු කර ගත හැකිය.

ඉල්ලුම් කිරීමේ ක්‍රමය

ඉඩමේ හිමිකරු,නොතාරිස් වරයෙකු,හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුට

සෙවීමේ අයදුම්පත්‍රය

  • නියමිත මුද්‍රිත අයදුම්පත සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.
  • හිමිකම් ලේඛණ පරීක්ෂා කිරීමේ අයදුම්පත්‍ර ආකෘතිය (හි.ලි 05)
  • අයදුම්පත්‍රය නොතාරිස්වරයා විසින් අත්සන් කර මුද්‍රාව තබා තිබිය යුතුය.
  • නියෝජිතයෙකු අයදුම්පත්‍රය ඉදිරිපත් කරන්නේ නම් නොතාරිස්වරයෙකු විසින් බලය පැවරූ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

ගාස්තු

අදාල කාර්යාලයට පැමිණ ගෙවීම් කළ යුතුය.

අංක 2308/27 හා 2022.12.01 දරණ අති විශේෂ ගැසට්පත්‍රය අනුව ගාස්තු අය කළ යුතු වේ.

ඉ-හිමිකම්

ලේඛන ලියාපදිංචි කිරීමේ ක්‍රමයේ හදුනාගත් ගැටළු වලට විසදුම් සහිතව පූර්ණ රාජ්‍ය වගකීමක් සහිත සහතිකයක් මහජනතාව වෙත ලබා දීම බිම් සවිය වැඩසටහනේ මූලික අරමුණ වේ. මෙහිදී ශ්‍රී ලංකාවේ සෑම ඉඩමකටම අනන්‍යතා අංකයක් හිමි වේ. එමෙන්ම ඉඩමේ අයිතිකරුවන්ගේ තොරතුරු ඇතුලත් දත්ත පද්ධතියක් සකස් කරනු ලබයි. සියලු ගණුදෙනු සිදුකරනු ලබන්නේ මෙම දත්ත පද්ධතිය මගිනි.

සම්බන්ධිත ආයතන

  • හිමිකම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ බිම් සවිය වැඩසටහන යටතේ සම්පූර්ණ මෙහෙයවීම සිදු කරනු ලබයි.
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
  • ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
  • මිනින්දෝරු දෙපාර්තමේන්තුව
  • ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

දෙපාර්තමේන්තු කාර්යභාරය

  • වැඩසටහන ක්‍රියාත්මක වන කාර්යාල 28 ක බල ප්‍රදේශවල හිමිකම් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු සංවිධානය කිරීම/අධීක්ෂණය කිරීම/ ප්‍රතිපාදන වෙන් කිරීම/ප්‍රගති සමාලෝචන කටයුතු.
  • හිමිකම් සහතික සකස් කිරීම හා නිරවුල් කිරීමේ කොමසාරිස් ජනරාල්ට ආපසු භාර දීම.
  • නිකුත් කරන ලද හිමිකම් සහතික සම්බන්ධයෙන් සියලු පසුගනුදෙනු ලියාපදිංචි කිරීම. ආදායම් රැස් කිරීම.

rgd-notary-banner

rgd-registrar-banner

rgd-land-banner

rgd-translate-banner

පුවත් සහ සිදුවීම්

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk