කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකිවීමත් ,සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමට සිදුවීමත් ,සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට නොහැකි ආකාරයෙන් ඇතිවූ සංචරණ සීමාත් හමුවේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වන උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් නිකුත්කිරිමේ ක්‍රියාවලියේදී දෙපාර්තමේන්තු නිළධාරීන්ට මෙන්ම සාමාන්‍ය මහජනතාවට ඇති වූ දුෂ්කරතාවන්ට විසඳුමක් ලෙස ඕනෑම හදිස්සි තත්ත්වයක් හමුවේ බාධාවකින් තොරව කාර්යක්ෂමව,කඩිනම්ව හා අඛණ්ඩව උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් නිකුත් කිරීම සදහා දෙපාර්තමේන්තුව විසින් වැඩිදියුණු කරමින් පැවති මාර්ගගත (Online) ක්‍රමවේදය කඩිනමින් ජනගත කිරීමට තීරණය කරන ලදී.

ඒ අනුව ඔබට ඔබගේ ජංගම දුරකථනය හෝ පරිගණකය භාවිතා කර පහත link එක ඔස්සේ පිවිස අදාල ගෙවීම් (Master card/ Visa card) සිදුකර පිටපත ලබා ගත හැක.

  • මාර්ගගතව සහතික ඉල්ලීමට click
  • වැඩිදුර සහාය සඳහා කරුණාකර පරිශීලක අත්පොත බලන්න. click
  • වැඩි විස්තර සඳහා කරුණාකර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ADR ශාඛාව අමතන්න. සම්බන්ධතා අංක මෙහි ඇත.  click

 

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk