විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම

  • පාර්ශවකරුවන් දෙදෙනාම මුස්ලිම්වරුන් නොවන වෙනත් ඕනෑම ජාතියක හෝ ආගමක පාර්ශවකරුවන්ට, විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ විය හැකිය.
  • විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දිය යුතුය.(නම හා උපන් දිනය සනාථ කර ගැනීමට උප්පැන්න සහතිකය හෝ වෙනත් ලියවිල්ලක්)
  • දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
    • කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
    • සාමදාන විනිශ්චයකරුවකු
    • ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
    • දේවගැතිතුමකු
  • විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
    • පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
      • පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
      • දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
    • පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම
    • ඔවුන් විවාහ වීමට තහනම් නෑදෑයන් නොවන බව
    • ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
  • විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා විවාහ දැන්වීම අදාල රෙජිස්ට්‍රාර්වරයා වෙත භාර දී දින 14 ක් ගත විය යුතුය.
  • එසේ දින 14 ක් ගතවිමට කලින් විවාහයක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය නම් විශේෂ බලපත්‍රයක් මත ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ට්‍රාර්වරයාගෙන් ඉල්ලීමක් කළ හැකියි.
  • කොට්ඨාස දෙකක විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ට විවාහ දැන්වීම් භාර දී ඇති විට දැන්වීම් හුවමාරු වීම සහ ලේකම්තැ‍නගේ සහතිකය නිකුත් කිරීමෙන් අනතුරුව විවාහය ලියාපදිංචි කළ හැකිය.
  • විවාහ රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යාලයෙන් පිටත ස්ථානයකදී විවාහය ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතු අතර ඒ සඳහා නියමිත ගාස්තු ගෙවු අයඳුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.

** ඉහත කරුණු සම්පුර්ණ වු පසුව සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ රෙජිස්ට්‍රාර්වරයා විවාහය ලියාපදිංචි කිරීම සිදු කරන අතර විවාහ සහතිකයේ තෙවන පිටපත මනාලිය අතට පත් කරනු ලැබේ.

  • විවාහ ලියාපදිංචි කිරීමේදී රෙජිස්ට්‍රාර්ට ගෙවිය යුතූ ගාස්තූ
නො. කාරණය ගෙවිය යුත්තේ කාටද ගෙවනු ලබන්නේ කවුරුන්ද මුදල (රු.) මුදල ගෙවන ආකාරය
1 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම රෙජිස්ට්‍රාර් අයදුම්කරු 120.00 මුදලින් ගෙවිය යුතුය
2 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අයදුම්කරු 120.00 මුදලින් ගෙවිය යුතුය
3 විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 120.00 මුදලින් ගෙවිය යුතුය
4 විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 120.00 මුදලින් ගෙවිය යුතුය
5 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් ගෙවිය යුතුය
6 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් ගෙවිය යුතුය
7 38(1) හෝ 38(2) වගන්ති යටතේ රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් ගෙවිය යුතුය
--- --- ---  
8 38(1) හෝ 38(2) වගන්ති යටතේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් ගෙවිය යුතුය
9 27(3) වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලබාගැනීම රජයට විවාහ පාර්ශවයන් 120.00 මුදලින් ගෙවිය යුතුය
10 ලියාපදිංචි පූජනීය ස්ථානයකදී සිදු කරන ලද විවාහයක් ලියාපදිංචි කිරීම දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් ගෙවිය යුතුය
11 38 1,2 වගන්ති යටතේ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් පිටත විවාහ ලියාපදිංචි කිරීම සඳහා ගෘහ බලපත්‍රය නිකුත් කිරීම රජයට  විවාහ පාර්ශවයන් 60.00 මුදලින් ගෙවිය යුතුය

දේවගැතිවරයෙකු විසින් විවාහ සිදුකිරීම

  • ක්‍රිස්තියානි බැතිමතුන්ගේ විවාහ ස්වකීය දේවස්ථාන තුළදී සිදු කරවා ගැනීමට ඉඩ සලසා තිබේ.
  • විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයාට භාර දිය යුතුයි. (නම හා උපන් දිනය සනාථ කර ගැනීමට උප්පැන්න සහතිකය හෝ වෙනත් ලියවිල්ලක්)
  • දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
    • කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
    • සාමදාන විනිශ්චයකරුවකු
    • ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
    • දේවගැතිතුමකු
  • විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා,
    • පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
      • පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
      • දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
    • පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම
    • ඔවුන් විවාහ වීමට තහනම් නෑදෑයන් නොවන බව    
    • ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
    • දික්කසාද වූ අයවලුන් නම් දික්කසාද තීන්දුවේ පිටපතක් අවශ්‍යයි.
    • ශ්‍රී ලංකාවේ විවාහ (සාමාන්‍ය) නීතිය යටතේ විවාහ වී පසුව විදේශ රටක අධිකරණ තීන්දුවකින් දික්කසාද වී ඇත්නම්, ශ්‍රී ලංකාවේ නිශ්චිත අධිකරණ බලය ඇති අධිකරණයක් හමුවේ නඩු පවරා දික්කසාදය පිළිබඳව තීන්දු ප්‍රකාශයක් ලබා තිබීම අත්‍යවශ්‍ය වේ.
  • ලියාපදිංචි ගාස්තු රු. 900.00 ක් වේ.
  • රෙජිස්ට්‍රාර් හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගෙන් “රෙජිස්ට්‍රාර්වරයාගේ සහතික පත්‍රය” (ලියාපදිංචි කිරීම් බී103 ආකෘතිය) ලබා ගත යුතුය.
  • එම රෙජිස්ට්‍රාර්වරයාගේ සහතික පත්‍රය විවාහය ලියාපදිංචි කරවා ගත යුතු දේවස්ථානයේ දේවගැතිවරයා වෙත ඉදිරිපත් කර දේවස්ථාන විවාහයක් සිදු කර ගත හැකියි.
  • ඉන්පසු දේවගැතිතුමා විසින් නිකුත් කරනු ලබන දේවගැති සහතිකය (බී112) දේවස්ථානය පිහිටා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ලබා දී ඔබගේ නීත්‍යානුකූල විවාහ සහතිකය ලබා ගත හැකිය.

ශ්‍රී ලාංකිකයෙකු හා විදේශ ජාතික‌යෙකු අතර විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය

ඉදිරිපත් කළ යුතු ලියවිලි

  • විවාහ දැන්වීම (පිටපත් 2 කින් යුතුව ලියා සහතික කර)

  • විදේශීය ජාතිකයා හට ශ්‍රී ලංකාවට ඇතුලු වීමට අවශ්‍ය වීසා බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හා එහි ඡායා පිටපතක්

  • තම රටේ බලයලත් ආයතනයකින් නිකුත් කරන ලද සිවිල් තත්ත්වය සනාථ කිරීමේ ලේඛනයේ මුල් පිටපත හා දික්කසාද/ වැන්දඹු අය සම්බන්ධයෙන් නම් ඒ බව සනාථ කෙරෙන නෛතික ලියවිලි
  • රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරන අවසර පත්‍රය
    • අවශ්‍ය ලියවිලි:
      • අදාල විදේශිය පාර්ශවය විසින් මාස 6 ක් ඇතුලත තම රටේ ආරක්ෂක අංශ බලධාරින් වෙතින් ලබා ගන්නා ලද වරදකට වරදකරුවකු නොවන බවට වන සහතිකයේ(පොලිස් වාර්තාව) මුල් පිටපත,විදේශීය
      • විදේශිය පාර්ශවයෙහි සිවිල් තත්වය සනාථ කරනු ලබන අදාල රටින් නිකුත් කරනු ලබන සහතිකය 
      • දික්කසාද/වැන්දඹු අය සම්බන්ධයෙන් ඒ බව සනාථ කරනු ලබන ලියවිලි (අදාල පුද්ගලයන් ශ්‍රී ලංකා නීතිය යටතේ විවාහ වී විදේශ රටක දික්කසාද වී ඇත්නම් එකී දික්කසාදය ලංකාවේ නීතිය යටතේ බලාත්මක කළ යුතුය)
      • විද‌ේශිය පාර්ශවයේ විදේශ ගමන් බලපත්‍රයෙහි පිටපතක්
      • දේශිය පාර්ශවයේ ජාතිික හැඳුනුම්පත/ විදේශිය ගමන් බලපත්‍රයෙහි පිටපතක් හා අයදුම්පත
    • තම දේශිය පාර්ශවකරු හෝ දේශිය පාර්ශවකරුගේ නියෝජිතයෙකු මගින් මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සිවිල් ලියාපදිංචි කිරීමේ අංශයට ලැබෙන සේ අතිින් හෝ ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය. එකී සහතිකය මත පදනම්ව රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් විවාහය ලියාපදිංචි කිරීම සඳහා අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ. අවසර පත්‍රය ලබා දීම සඳහා වැඩ කරන දින 14 ක කාලයක් ගත වේ. (වැඩිදුර තොරතුරු සඳහා චක්‍රලේඛ  18/2021(1) බලන්න)
  • විදේශිය ජාතිකයාගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කරගැනීම සඳහා වන ස්වයං ප්‍රකාශයක් (Helath Declaration)
  • උප්පැන්න සහතිකය (නම හා වයස සනාථ කරගැනීමට අවශ්‍ය වුවහොත්) හා එහි ඡායා පිටපතක්

ඉහත ලේඛන විවාහ දැන්වීම භාරදීමේ දී අදාල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්/කොට්ඨාස විවාහ රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය.

මේ සම්බන්ධයෙන් වන අංක 18/2021 හා 2021/10/18 දිනැති චක්‍රලේඛය 2022/01/01 වන දින දිට ක්‍රියාත්මක වේ.

උඩරට නීතිය යටතේ විවාහ ලියාපදිංචි කිරීම

  • උඩරට නීතිය යටතේ විවාහ විය හැක්කේ උඩරට නීතියට යටත් වන ප්‍රදේශයක පදිංචි සිංහල ජාතිකයින්ට පමණි.
  • උඩරට විවාහ නීතිය බලපාන ප්‍රදේශ
    • මධ්‍යම පළාත
    • උතුරු මැද පළාත
    • ඌව පළාත
    • සබරගමු පළාත
    • උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර සහ බස්නාහිර චුනියාචෙඩ්කුලම කෝරලේ සහ දකුණු කිලක්කුමලේ කෝරලේ
    • නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ බින්තැන්න පත්තුව, වෑගම්පත්තුව සහ පානම පත්තුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කඩුක්කුලම පත්තුව
    • වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ දෙමළ හත්පත්තුව
  • උඩරට නීතිය යටතේ විවාහ ලියාපදිංචි කිරීමට බලය ඇත්තේ ඉහත ප්‍රදේශ සඳහා පත්කර ඇති විවාහ රෙජිස්ට්‍රාර්වරු හට පමණි.
  • මෙම නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
    • දෙපාර්ශවය අදාළ කොට්ඨාශය තුළ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
      • විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
      • පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
      • දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
    • පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම
    • ඔවුන් විවාහ වීමට තහනම් නෑදෑයන් නොවන බව   
    • ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
  • ඉහත අවශ්‍යතා සම්පුර්ණ වන්නේ නම් නිසි පරිදි සම්පුර්ණ කර සහතික කරන ලද විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුක්තව කොට්ඨාස විවාහ රෙජිස්ට්‍රාර්වරයා වෙත භාර දෙන්න.
  • විවාහ දැන්වීම සහතික කිරීමට බලය ඇත්තේ එම කොට්ඨාසයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයාටය. (නම හා වයස සනාථ කර ගැනීම සඳහා උප්පැන්න සහතිකය හෝ වෙනත් ලියවිල්ලක්)
  • විවාහ දැන්වීම භාර දි දින 14 ක් ගත වු පසු විවාහය ලියාපදිංචි කළ හැකිය.
    • විවාහ දැන්වීම භාර දී දින 14 කට පෙර විවාහය ලියාපදිංචි කිරීමට නම් අදාල ගාස්තු ගෙවා වි‍ශේෂ බලපත්‍රයක් ලබා ගත යුතුය.
  • කොට්ඨාස දෙකක විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ට විවාහ දැන්වීම් භාර දී ඇති විට දැන්වීම් හුවමාරු වීම සහ ලේකම්තැ‍නගේ සහතිකය නිකුත් කිරීමෙන් අනතුරුව විවාහය ලියාපදිංචි කළ හැකිය.
  • විවාහ රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යාලයෙන් පිටත ස්ථානයකදී විවාහය ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතු අතර, ඒ සඳහා නියමිත ගාස්තු ගෙවු අයඳුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.

** ඉහත කරුණු සම්පුර්ණ වු පසුව සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ රෙජිස්ට්‍රාර්වරයා විවාහය ලියාපදිංචි කිරීම සිදු කරන අතර විවාහ සහතිකයේ තෙවන පිටපත මනාලිය අතට පත් කරනු ලැබේ.

  • උඩරට විවාහ ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ට්‍රාර්වරුන්ට අයකරගත හැකි ගාස්තූ
නො. කාරණය ගෙවිය යුත්තේ කාටද ගෙවනු ලබන්නේ කවුරුන්ද මුදල (රු.) මුදල ගෙවන ආකාරය
1 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම රෙජිස්ට්‍රාර් අයදුම්කරු 120.00 මුදලින් ගෙවිය යුතුය
2 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අයදුම්කරු 120.00 මුදලින් ගෙවිය යුතුය
3 විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 120.00 මුදලින් ගෙවිය යුතුය
4 විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 120.00 මුදලින් ගෙවිය යුතුය
5 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් ගෙවිය යුතුය
6 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් ගෙවිය යුතුය
7 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් ගෙවිය යුතුය
- - - -
8 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 900.00 මුදලින් ගෙවිය යුතුය
9 19 වන වගන්තිය යටතේ විවාහ දැන්වීමක් සම්බන්ධයෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් රෙජිස්ට්‍රාර් අයදුම්කරු 120.00 මුදලින් ගෙවිය යුතුය
10 19 වන වගන්තිය යටතේ විවාහ දැන්වීමක් සම්බන්ධයෙන් විශේෂ බලපත්‍රයක් ලබාගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අයදුම්කරු 120.00 මුදලින් ගෙවිය යුතුය
11 24 වගන්තිය යටතේ රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් පිටපත විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා ගෘහ බලපත්‍රයක් නිකුත් කිරිම රජයට විවාහ පාර්ශවයන් 60.00 මුදලින් ගෙවිය යුතුය

මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීම

  • මුස්ලිම් විවාහ දික්කසාද පනත යටතේ ශ්‍රි ලංකාවේ ඉස්ලාම් ධර්මය අදහන ස්ත්‍රියකට හා පුරුෂයෙකුට විවාහ විය හැකිය.
  • මෙම විවාහ ලියාපදිංචි කිරීම සඳහා දෙපාර්තමේන්තුවෙන් මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර්වරුන් පත් කර ඇත.
  • එම විවාහය ලියාපදිංචියට ප්‍රථම නිකා චාරිත්‍ර සිදු කරනු ලබයි.
  • නිකා චාරිත්‍රයෙන් පසු නිකා චාරිත්‍රය කල පූජකයා, මනාලියගේ වාලි, මනාලයා හා තවත් පිිරිමි සාක්ෂිකරුවන් දෙදෙනෙක් මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් හමු වී විවාහය ලියාපදිංචි කරවා ගත යුතුය.
  • එහෙත් එම අවස්ථාවේ විවාහය ලියාපදිංචි කිරීමට නොහැකි වුයේ නම් එම විවාහය කල් ගත වු මුස්ලිම් විවාහයක් ලෙස නැවත ලියාපදිංචි කිරීමට අදාල මුස්ලිම් රෙජිස්ට්‍රාර්වරයාව නියෝග කිරීමට අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සිටින දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්(ප්‍රාදේශීය ලේකම්) හට බලය ඇත.

විදේශ විවාහ ලියාපදිංචි කිරීම (විවාහය ලියාපදිංචි කරන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල තුළ හෝ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල තුළ නම්)

  • කොන්සල් කර්තව්‍ය පනත යටතේ තනාපති/මහකොමසාරිස් හෝ කොන්සල් නිලධාරියාට විදේශ රටකදී විවාහයක් ලියාපදිංචි කිරීමේ හැකියාව ඇත.
  • මෙහිදී එක් පාර්ශවයක්වත් ශ්‍රී ලාංකිකයකු විය යුතුය.
  • අදාල විවාහය සිංහල,ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවෙන් ලියාපදිංචි කළ හැකිය.
  • සාමාන්‍ය විවාහ නීතිය යටතේ හෝ උඩරට විවාහ දික්කසාද නීතිය යටතේ හෝ මුස්ලිම් නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කර ගත හැකිය. (මුස්ලිම් නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කර ගැනීම සඳහා මුස්ලිම් රෙජිස්ට්‍රාර්වරයෙකු සිටිය යුතුයි.)

සහතිකවල දෝස නිවැරදි කිරීම

සාමාන්‍ය විවාහ සහතික පත්‍රයක වරදක් නිවැරදි කිරිම

  • විවාහය ලියාපදිංචි කිරිමේදි සිදුවී ඇති වරදක් නිවැරදි කර ගැනීම සඳහා එකී විවාහයේ පාර්ශවකරුවන් අදාල ඉල්ලීම නිශ්චිත බලයක් සහිත දිසා අධිකරණයක් වෙත ඉදිරිපත් කළ යුතුය.
  • අවශ්‍ය ලියවිලි,
    • විවාහ සහතිකය
    • අධිකරණය මගින් ඉල්ලා සිටින ලියවිලි
  • නීතිඥයකු මගින් පාර්ශවකරුවන් විසින් නිසි බලය සහිත දිසා අධිකරණයට ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය.
  • ලිපි දෝෂයක් නම් ඒ සම්බන්ධව විවාහය අයත් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාට ඒ පිළිබඳව දැනුම් දීම තුළින් විවාහ ලේඛණයේ දෙවන පිටපත නිවැරදි දැයි පරීක්ෂා කර ගත හැකිය.

උඩරට විවාහ සහතික පත්‍රයක වරදක් නිවැරදි කිරිම

  • විවාහය ලියාපදිංචි කිරිමේදී සිදුවී ඇති වරදක් නිවැරදි කර ගැනිම සදහා ඉල්ලීම විවාහය ලියාපදිංචි කළ ස්ථානය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය.
  • අවශ්‍ය ලියවිලි,
    • විවාහ සහතිකය
    • සිදුවී ඇති වරද හා නිවැරදි තොරතුරු ඇතුලත් දිව්රුම් ප්‍රකාශයක්ක
    • කරුණු තහවුරු කිරිමට අවශ්‍ය වෙනත් ලියවිලි

මුස්ලිම් විවාහ සහතික පත්‍රයක වරදක් නිවැරදි කිරිම

  • විවාහය ලියාපදිංචි කිරීමේදී සිදු වී ඇති වරදක් නිවැරදි කර ගැනීම සඳහ‍ා ඉල්ලීම විවාහය ලියාපදිංචි කල ස්ථානය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කල යුතුය.
  • අවශ්‍ය ලියවිලි,
    • විවාහ සහතිකය
    • සිදු වී ඇති වරද හා නිවැරදි තොරතුරු ඇතුලත් දිවුරුම් ප්‍රකාශයක්ක
    • කරුණු තහවුරු කිරීමට අවශ්‍ය වෙනත් ලියවිලි ඉදිරිපත් කිරීමෙන් පසු දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසින් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව නියෝග කිරීමට හැකියාව ඇත.

දික්කසාද ලබා ගැනීම

සාමාන්‍ය විවාහ නිතිය යටතේ විවාහයක් දික්කසාද කිරීම

  • මෙම කාර්යය සම්පුර්යෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයකි. නීතීඥවරයකු හමුවී අවශ්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුයි.

උඩරට විවාහයක් දික්කසාද කිරීම 

  • අයදුම් පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
    • අයදුම්කරු උඩරට ප්‍රදේශයක පදිංචි නම් පදිංචි ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත.
    • අයඳුම්කරු උඩරට ප්‍රදේශයක පදිංචි නොවන්නේ නම්, වගඋත්තරකරු උඩරට ප්‍රදේශයක පදිංචිව සිටින්නේ නම් එම කොට්ඨාශය අයත් ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත හෝ විවාහය ලියාපදිංචි කර ඇති කොට්ඨාශය අයත් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත.
    • දෙපාර්ශවයම උඩරට ප්‍රදේශයෙන් පිටත පදිංචිව සිටින්නේ නම් විවාහය ලියාපදිංචි කරන ලද කොට්ඨාශය අයත්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත.
  • දික්කසාදය ඉල්ලුම් කිරීම සඳහා අයදුම් පත්‍රය දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබාගන්න.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
    • උඩරට විවාහ සහතිකය
    • පැමිණිල්ල තහවුරු කිරීමට අවශ්‍ය ලියවිලි ඇත්නම්
  • දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් දෙපාර්ශවය විමර්ශන කටයුතු සඳහා කැඳවනු ලබයි.
  • ඉල්ලුම් පත්‍රයේ සඳහන් කරුණු තහවුරු වේ නම් දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් දික්කසාද නියෝගය නිකුත් කරයි. නැතිනම් දික්කසාද කිරීම ප්‍රතික්ශේප කරයි.
    • දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් දෙනු ලබන තීන්දුව පිළිනොගන්නේ නම්, දින 30 ක් ඇතුලතදී අතෘප්තිමත් පාර්ශවය විසින් දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.
  • දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් අදාළ අභියාචනය දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන අතර අධිකරණ නියෝගය අනුව ඉදිරි කටයුතු කරයි.

මුස්ලිම් විවාහයක් දික්කසාද කිරීම

  • මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ සිදු කරන ලද විවාහයක් දික්කසාද කිරීමට ස්ත්‍රීය හෝ ප්‍රුරුෂයා විසින් අධිකරණ අමාත්‍යාංශය මගින් තම බල ප්‍රදේශය සඳහා පත් කර ඇති ක්වාසිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. (1951 අංක 13 දරන මුස්ලිම් විවාහ දික්කසාද පනත 115 අධිකාරය බලන්න )

දික්කසාද සහතිකය ලබා ගැනීම

උඩරට විවාහ දික්කසාද සහතිකය ලබා ගැනීම

  • දිස්‍ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් ලබාදෙන දික්කසාද තීන්දුව සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් නොවන්නේ නම් (තීන්දුව ලබා දී දින 30 ක් ඇතුලත) අභියාචනා කාලය අවසන් වු විට දික්කසාද සහතිකය ස්ත්‍රී පාර්ශවය වෙත ලබා දෙයි.
  • දික්කසාදය පිළිබඳව දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ තීරණයට එරෙහිව අභියාචනා කර ඇත්නම් අධිකරණ නියෝගය අනුව දික්කසාද සහතිකය අදාල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කෙරේ.

මුස්ලිම් විවාහ දික්කසාද සහතිකය ලබා ගැනීම

  • විවාහය දික්කසාද කරන අවස්ථාවේ නොමිලේ පිටපතක් අදාල ස්ත්‍රී පාර්ශවයට ක්වාසිවරයා විසින් නිකුත් කරනු ලබන අතර තවත් පිටපත් අවශ්‍ය වන්නේ නම් ක්වාසිවරයාගේ බල ප්‍රදේශයට අයත් ප්‍රදේශිය ලේකම් කාර්යාලයට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කොට සහතික පිටපත් ලබා ගත හැකිය.

විවාහ සහතිකයක සහතික කරන ලද පිටපත් සහ පරිවර්තන පිටපත් ලබා ගැනීම

විවාහ සහතිකයක සහතික පිටපත් ලබා ගැනීම

  • විවාහ සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ විවාහය සිදුවූ ප්‍රදේශය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
  • අදාල සහතිකය දත්ත පද්ධතියේ ඇත්නම්, ඔබට ආසන්නයේම ඇති ඔිනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකින් ද එහි සහතික පිටපත් ලබා ගත හැකියි.
    • 1960.01.01 දින සිට 2020.01.01 දක්වා වූ සහතික වල පිටපත් පද්ධතිය මගින් ලබා ගත හැකිිය
    •  දත්ත පද්ධතියේ ඇත් ද යන්න ඔබට ආසන්නයේම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පරික්ෂා කර තහවුරු කරගත හැකිිය
  • අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් හෝ මෙම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. document-download
  • අයකරනු ලබන ගාස්තු,
    • විවාහ සහතිකයේ අංකය, ලියාපදිංචි කළ කොට්ඨාශය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට - එක පිටපතකට ගාස්තුව රු.120.00 කි.
    • විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, (වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන බැවින්) - එක පිටපතකට ගාස්තුව රු.250.00 කි.
  • අදාල ගාස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ (පිටකොටුවේ ශාඛාවේ) 7041650 දරණ ගිණුම් අංකයට ගෙවීම් කර එහි දී ලබා දෙනු ලබන ලදුපත (Bank Slip) සහ සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර සහතික පිටපත් ඉල්ලුම් කළ හැකිය.
  • විවාහ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම්, ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉහත දක්වා ඇති පරිදි මුදල් ගෙවු රිසිට් පත ද ඉදිරිපත් කළ යුතුය.
  • විවාහය ලියාපදිංචි වී තිබේ නම්, අදාල විවාහ සහතිකයේ ඉල්ලුම් කර ඇති පිටපත් සංඛ්‍යාව ගෙවන ලද මුදල අනුව නිකුත් කරනු ලබන අතර විවාහය ලියාපදිංචි වී නොමැති නම්, ඒ පිළිබඳව බී38 ආකෘතිය මගින් දන්වා යවනු ලැබේ.

** ‌එසේම https://online.ebmd.rgd.gov.lk වෙත පිවිසීමෙන් Online ක්‍රම‌වේදය ඔස්සේ සහතික පිටපත් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.

විවාහ සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම

  • මෙම සේවාව ලබගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පිලිබඳව වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. පරිවර්තකයින් සේවය කරන කාර්යාල
  • ලබාගත හැකි පරිවර්තන,
    • සිංහල - ඉංග්‍රීසි
    • ඉංග්‍රීසි - සිංහල
    • දෙමළ - ඉංග්‍රීසි
    • ඉංග්‍රීසි - දෙමළ
  • ඉල්ලුම්පත්‍ර භාරගන්නා වේලාව : අයදුම්පත්‍ර පරිවර්තකයින් සේවය කරන කාර්යාල වලින් හෝ වෙබ් අඩවියෙන් භාගත කළ හැකිය. document-download
    • සතියේ කාර්යාල දිනයන් හි ‌පෙපෙ. 9.00 - ප.ව. 2.30 
    • සෙනසුරාදා,ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හි විවෘත කරනු නොලැබේ.
  • ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
    • පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
    • තැපෑලෙන් ලබාගන්නේ නම්, ඉහත අවශ්‍යතා වලට අමතරව ලබන්නාගේ ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
  • පරිවර්තන ගාස්තු
    • එක් පරිවර්තන පිටපතක් සඳහා රු.600.00 කි.
    • ඕනෑම පරිවර්තන ප්‍රමාණයක් ලබාගත හැක.
  • ගතවන කාලය :   කාර්යාල දින 05 කි.
  • දැනට එක් දින සේවයක් නොමැත.

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk