හිමිකම් ලියාපදිංචි කිරීමේ 31 වන කාර්යාලය වශයෙන් මහර හිමිකම් ලියාපදිංචි කිරීමේ කටයුතු 2023-10-03 දින සිට ආරම්භ වූ බව සතුටින් දැනුම් දෙමු.

මෙතෙක් මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාල හිමිකම් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරන ලද්දේ ගම්පහ හිමිකම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙනි.මහර ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය ආරම්භ කරන ලද්දේ 2021 වර්ෂයේ වුවත් ඒ හා සමගාමීව හිමිකම් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි විය. ඒ අනුව මහජනතාවට මුහුණ පෑමට සිදුවූ අපහසුතා මෙම මහර ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ හිමිකම් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීමෙන් මඟහැරෙනු ඇත.

ඒ අනුව මින් ඉදිරියට මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිමිකම් ලියාපදිංචි කිරීමේ කටයුතු වලට අදාල ඔබගේ සියලු විමසීම් සඳහා මහර හිමිකම් රෙජිස්ට්‍රාර් කාර්යාලය හරහා සිදු කර ගත හැකිය.

mahara-title

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk