දෙපාර්තමේන්තු ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා රාජ්‍ය ආමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක, රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ. ඩී. ඩබ්ලිව්  කුමාරසිංහ යන මහත්වරුන් මෙන්ම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

මෙහිදී උප්පැන්න , විවාහ සහ මරණ සහතිකවල මුල් පිටපත් තුළ දෝෂ වලක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලිවීමේදී ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් නිලධාරීන්ගෙ නොසැලකිල්ලෙන් එම සහතික වල දෝෂ සිදුවූවොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

පැරණි රෙගුලාසි වෙනස් කර නව තාක්ෂණය සමඟ මෙම දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කාර්යක්ෂම මහජන සේවාවක් ඇති කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

progress-review

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk