launch 7 launch 8 launch 6 launch 3

දැනට පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ මහජනතාවට සිදුවන සංචරන සීමාවන් හමුවේ සිය සේවාවන් අපහසුවකින් තොරව නිවසේ සිටම ඉටුකරගැනීම වෙනුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ගන්නා ලද එක් ප්‍රයත්නයක් මල් ඵල ගැනීමක් වශයෙන් මෙම වැඩසටහනේ සමාරම්භය 2021.08.02 දින පෙරවරු 10.00 පමණ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ යන අමාත්‍ය වරුන්ගේ  ප්‍රධානත්වයෙන් වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුවිය.

මේ යටතේ ඔබගේ ජංගම දුරකතනය මගින් පහසුවෙන් මෙම සේවා අවස්ථාව සලසාගැනීමට හැකියාව සැලසී ඇත. මෙම අවස්ථාව සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් තුමන් සහ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද සහභාගි විය.

launch 4 launch 1