පුවත් සහ සිදුවීම්
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සමාලෝචනය, 2023/09/13 දින රෙජිස්ට්‍රාර් ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් කළමණාකරණ සේවා දෙපාර්තමේන්තු නිලධාරින් සමඟ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාවට රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්.ආර්.ඒ.එන්.එස්.විජයසිංහ මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ ශාඛා ප්‍රධානීන් සහභාගි විය.
“අලුත් ගමක්- අලුත් රටක්” ජාතික ඒකාබද්ධ සහභාගීත්ව සංවර්ධන වැඩසටහන යටතේ, 2023 වර්ෂයේ විවිධ දිස්ත්‍රික් වල පැවැත් වූ ජංගම සේවාවන් යටතේ උප්පැන්න, විවාහ හා මරණ ලේඛන නොමැති පුද්ගලයන් සඳහා එම ලේඛන ලබා දීමේ වැඩසටහන් වල විශේෂ අවස්ථා පහත දැක්වේ.
- මාතලේ දිස්ත්‍රික්කය - ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- රත්නපුර දිස්ත්‍රික්කය - බලංගොඩ හා ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- ගාල්ල දිස්ත්‍රික්කය හෝමදොල වත්ත, - නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය