පරිපාලන අංශය
- කාර්යය මණ්ඩලයේ පත්වීම්, මාරු කිරීම් හා විශ්‍රාම වැටුප් පිලිබඳ කාර්යය පරිපාලනය හා අධීක්ෂණය
තොරතුරු තාක්ෂණ අංශය
- ඉ- උපත්, මරණ විවාහ පිටපත් නිකුත් කිරීමේ වැඩ සටහන, ඉ-ජනගහන ලේඛනය හා ඉ-ඉඩම් ලියාපදිංචිය වැනි තොරතුරු තාක්ෂණය සම්බන්ධ ව්‍යාපෘති පරිපාලන හා අධීක්ෂණය
නොතාරිස් අංශය
- ඉඩම් හා හිමිකම් ලියාපදිංචිය පරිපාලනය හා අධීක්ෂණය
- දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 50 ක් පිහිටුවා ඇති අතර එම කාර්යාල වල පරිපාලනය හා අධීක්ෂණය මේ යටතේ සිදු කෙරේ.
- නොතාරිස්වරුන් පත් කිරීම සහ අධීක්ෂණය කිරීම
- නීතිඥ හා නීතිඥ නොවන නොතාරිස්වරුන් පත් කිරීම, ඔවුන්ගේ ඉල්ලා අස්වීම්, ධූරය අත්හිටුු වීමට අදාල කටයුතු, අධිකරණ කලාප මාරු කිරීම් ආදී කටයුතු හා ඔවුන්ගේ පෞද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම මේ යටතේ සිදු කෙරේ.
- ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම හා අවලංගු කිරීම
- රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දිවයින පුරා පිහිටි කලාප කාර්යාල හා දිස්ත්‍රික් සහකාර රෙජස්ට්‍රාර් ජනරාල් කාර්යාල මගින් ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම හා අවලංගු කිරීම සිදුකරනු ලබයි.
සිවිල් ලියාපදිංචි අංශය
- උප්පැන්න, විවාහ සහ මරණ රෙජිස්ට්‍රාර්වරුන් පත් කිරීම, අධීක්ෂණය හා පරිපාලනය
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්රික් රෙජිස්ට්‍රාර් අංශයේ කටයුතු අධීක්ෂණය හා පරිපාලනය
- කොට්ඨාස රෙජිස්ට්‍රාර්වරුන්ගේ කාර්යාල අධීක්ෂණය හා පරිපාලනය
- ලේඛණාගාර කටයුතු අධීක්ෂණය
- උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලියාපදිංචි කිරීම, පිටපත් නිකුත් කිරීම හා සංරක්ෂණය
- දරුකමට හදාවඩා ගැනීමේ අධිකරණ නියෝග ලියපදිංචි කර දරු සහතික නිකුත් කිරීම සහ එම උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අයඳුම්පත් ලබා ගෙන අනුමැතියෙන් පසුව එම නියෝග අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කිරීම.
- දිසා අධිකරණයකින් ලබා දෙනු ලබන නියත තීන්දු ප්‍රකාශය මත සිදු වන දික්කසාදය, අදාල විවාහ සහතිකයේ සටහන් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්රික් රෙජිස්ට්‍රාර් අංශයන්ට නියෝග ලබා දීම.
- ශ්‍රී ලාංකීකයකු සහ විදේශිකයකු අතර විවාහ ලියාපදිංචිය සඳහා අනුමැතිය ලබා දීම.
- විවාහ ලියාපදිංචි කිරීම සඳහා දේවස්ථාන ලියාපදිංචි කිරීම.
- උප්පැන්න විවාහ හා මරණ සහතිකවල පරිවර්තන පිටපත් නිකුත් කිරීම.
- ක්‍රියාන්විතයේදී මිය ගිය ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන්ගේ මරණ ලියාපදිංචි කිරීම, සංශෝධන සිදු කිරීම සහ සහතික පිටපත් නිකුත් කිරීම.
- දිරාපත් වු උප්පැන්න,විවාහ හා මරණ ලේඛන නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම.
සංඛ්‍යා ලේඛන අංශය
- ශ්‍රී ලංකාවේ ජීව සිදුවීම් වලට අදාළ (උපත් විවාහ මරණ අජීවි උපත් සහ දික්කසාද) දත්ත එක්රැස් කිරීම, සංස්කරණය කිරීම හා ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවලිය ජීව සංඛ්‍යාලේඛන අංශය විසින් සිදුකරනු ලබයි.
- අංශයේ කාර්ය භාරය හා වගකීම
- සෑම වසරකම මධ්‍ය වාර්ෂික ජනගහනය දිස්ත්‍රික්ක, ස්ත්‍රී පුරුෂ භාවය, වයස අනුව ඇස්තමේන්තු කිරීම හා ප්‍රකාශයට පත් කිරීම.
- උපත් විවාහ සහ මරණ වලට අදාල දත්ත එක්රැස් කිරීම, විශ්ලේෂණය කිරීම හා ප්‍රකාශයට පත් කිරීම.
- අජීවී උපත් සහ දික්කසාද වලට අදාල දත්ත එක් රැස් කිරීම, විශ්ලේෂණය කිරීම හා ප්‍රකාශයට පත් කිරීම.
- මරණයට දත්ත එක්රැස් කිරීම, විශ්ලේෂණය කිරීම හා ප්‍රකාශයට පත් කිරීම.
- තිරසර සංවර්ධන දර්ශක සකස් කිරීම.
- වෙනත් සෞඛ්‍ය හා ප්‍රජා විද්‍යාත්මක දර්ශක සකස් කිරීම.
- දේශීය හා විදේශීය දත්ත භාවිතා කරන්නන්ට අවශ්‍ය දත්ත හා තොරතුරු ලබා දීම.