ඉ-හිමිකම්

ලේඛන ලියාපදිංචි කිරීමේ ක්‍රමයේ හදුනාගත් ගැටළු වලට විසදුම් සහිතව පූර්ණ රාජ්‍ය වගකීමක් සහිත සහතිකයක් මහජනතාව වෙත ලබා දීම බිම් සවිය වැඩසටහනේ මූලික අරමුණ වේ. මෙහිදී ශ්‍රී ලංකාවේ සෑම ඉඩමකටම අනන්‍යතා අංකයක් හිමි වේ. එමෙන්ම ඉඩමේ අයිතිකරුවන්ගේ තොරතුරු ඇතුලත් දත්ත පද්ධතියක් සකස් කරනු ලබයි. සියලු ගණුදෙනු සිදුකරනු ලබන්නේ මෙම දත්ත පද්ධතිය මගිනි.

සම්බන්ධිත ආයතන

  • හිමිකම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ බිම් සවිය වැඩසටහන යටතේ සම්පූර්ණ මෙහෙයවීම සිදු කරනු ලබයි.
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
  • ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
  • මිනින්දෝරු දෙපාර්තමේන්තුව
  • ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

දෙපාර්තමේන්තු කාර්යභාරය

  • වැඩසටහන ක්‍රියාත්මක වන කාර්යාල 28 ක බල ප්‍රදේශවල හිමිකම් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු සංවිධානය කිරීම/අධීක්ෂණය කිරීම/ ප්‍රතිපාදන වෙන් කිරීම/ප්‍රගති සමාලෝචන කටයුතු.
  • හිමිකම් සහතික සකස් කිරීම හා නිරවුල් කිරීමේ කොමසාරිස් ජනරාල්ට ආපසු භාර දීම.
  • නිකුත් කරන ලද හිමිකම් සහතික සම්බන්ධයෙන් සියලු පසුගනුදෙනු ලියාපදිංචි කිරීම. ආදායම් රැස් කිරීම.

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk