නිශ්චල හා චංචල දේපල

නිශ්චල දේපල ලියාපදිංචිය

  • ඉඩම් වලට අදාලව සිදුවන ගනුදෙනු සම්බන්ධයෙන් පාර්ශවයන් විසින් සාක්ෂිකරුවන් දෙදෙනෙකු හා බලයලත් නොතාරිස්වරයකු ඉදිරියේ දී ලියා අත්සන් කරනු ලබන ලියවිල්ලක් ඔප්පුවක් යනුවෙන් හැඳින්වේ.
  • ඉඩම් වලට අදාල විවිධ ආකාරයෙන් ඔප්පු ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරයි. මෙම සියලු ලේඛන අදාල ඉඩම් පිහිටි ප්‍රදේශයේ ඉඩම් ලියාපදිංචි කිරී‍‍මේ කාර්යාලයෙන් ලියාපදිංචි කර ගත හැක.

චංචල දේපල ලියාපදිංචිය

  • චංචල දේපල එනම් වාහන, ව්‍යාපාරයක ව්‍යාපාර බචුතොග, ආනයනය කරන ද්‍රව්‍ය හෝ අපනයනය කරන ද්‍රව්‍ය භාර කුවිතාන්සි, පොත් ණය ආදියට අදාල උගස් කිරීම් චංචල දේපල යට‍තේ ලියාපදිංචි කරගත හැක.
  • අදාල ‍දේපල ස්ථාපිත කොට ඇති ප්‍රදේශයට අයත් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල‍යෙන් ලියාපදිංචි කිරීමේ කටයුතු කරගත හැක.

ලේඛන ලියාපදිංචිය

කාර්යය

නිශ්චල හා චංචල දේපල වලට අදාල ගණුදෙනු ලියාපදිංචි කිරීම, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනු ලබයි. ඒ සඳහා දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 50 ක් පිහිටුවා ඇත. contact-list

ලේඛණ
ලේඛණ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ හා නොතාරිස් ආඥා පනතේ විධිවිධාන වලට අනුකූලව ලේඛණය ලියා සහතික කර තිබිය යුතුය.

රාජකාරි වේලාවන්
සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව.3.45 දක්වා (මුදල් කවුළු විවෘතව පවතින්නේ ප.ව 3.00 දක්වා පමණි.), සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හිදී කාර්යාල විවෘත කරනු නොලැබේ.

ලියාපදිංචියට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය
ලේඛණයේ සඳහන් ඉඩම පිහිටි ප්‍රදේශය අයත් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට ලියාපදිංචි කිරීම සඳහා ලේඛන ඉදිරිපත් කල යුතුය. එක් ලියාපදිංචි කිරීමේ දිස්ත්‍රික්කයකට වඩා වැඩි ගණනකට අයත් ඉඩම් හා චංචල දේපල පිළිබඳ විස්තර ඇතුලත් ලේඛණ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කල යුතුය. පහත සඳහන් ආකාර වලින් ලියාපදිංචියට ලේඛණ ඉදිරිපත් කල හැකිය.
අ. තැපැල් මගින්
ආ. කාර්යාලට ගෙනවිත් භාර දීමෙන්

ලේඛණ ලියාපදිංචියට ඉදිරිපත් කිරීමට හිමිකම ඇති පුද්ගලයන් (ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 26 වගන්තිය ප්‍රකාරව)
අ. ලේඛණය ලියා අත්සන් කරන්නෙක්
ආ. එය යටතේ යම්කිසි ප්‍රයෝජනයක් හෝ ලාභයක් ඉල්ලා සිටින්නෙක්
ඇ. එයින් වෙනසක් කරනු ලබන දේපලක් පිළිබඳව සම්බන්ධතාවක් හෝ බැඳීමක් තිබෙන අයෙක්
ඈ. එවැනි අයෙකු වෙනුවෙන් ක්‍රියාකරන නීතීඥ කෙනෙක් හෝ නොතාරිස් කෙනෙක් හෝ නියෝජිතයෙක් 

ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කල යුතු ලේඛණ
මුල් පිටපත ‍හෝ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ලබාගත් සහතික කරන ලද පිටපතක් 

ලේඛන ලියාපදිංචි කරගත හැකි ආකාර

මෙම සේවාවන් කඩිනම් හා සාමාන්‍ය සේවා යන ආකාර 2 කින්ම සිදු කර ගත හැක.

කඩිනම් සේවාව

  • ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල මගින් කඩිනම් සේවාව යටතේ ලියාපදිංචි කල හැකි ලේඛන:
    • විකුණුම්කරය
    • තෑගි ඔප්පුව
    • උගස් ඔප්පුව
    • ලිපිනය
    • උගස් පනතේ 47 වගන්තිය යටතේ වූ ප්‍රකාශය
    • උගස් අවලංගු කිරීම
    • ඇටර්නි බලපත්‍ර (ණය උගස්කරයට අදාලව)
    • ඇටර්නි අවලංගු කිරීම (ණය උගස්කරයට අදාලව)
    • බදු ඔප්පුව
    • බදු අවලංගු කිරීම
    • විකිණීමේ ගිවිසුම
    • පූර්වතා දැන්විම
  • ඉඩම් ලේඛණ උධෘත පිටපත් හා ඔප්පු සහතික පිටපත් ද මෙම සේවාව යටතේ ලබා ගත හැක.
  • කලාප කාර්යාල හා දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාල මගින් ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම හා පිටපත් ලබාගැනීම, ඇටෝර්නි බලපත්‍ර උධෘත පිටපත් ලබා ගැනීම කඩිනම් සේවාව යටතේ සිදු කර ගත හැක.

ගාස්තු

  • සාමාන්‍ය සේවය යටතේ ගාස්තු සඳහා  click
  • කඩිනම් සේවය යටතේ ගාස්තු සඳහා click 

ඉඩම් ලේඛණයක සහතික පිටපතක් ලබා ගැනීම (උධෘත පිටපත්)

ඉඩම් ලේඛණයක සහතික පිටපතක් (උධෘත) ලබා ගැනීම

ඉඩම් ලේඛණයක සහතික පිටපත් නිකුත් කිරීම දිවයින පුරා ඇති ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 50 මගින් සිදු කරනු ලැබේ. ඉඩම පිහිටි ප්‍රදේශයට අදාල ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් මෙම සේවාව ලබා ගත හැක.

රාජකාරි වේලාවන්

සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව.3.45 දක්වා (මුදල් කවුළු විවෘතව පවතින්නේ ප.ව 3.00 දක්වා පමණි.), සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හිදී කාර්යාල විවෘත කරනු නොලැබේ.

ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය

ඉඩම පිහිටි ප්‍රදේශයට අදාල ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත අයදුම්පත ඉදිරිපත් කල යුතුය. පහත සඳහන් ආකාර වලින් අයදුම්පත ඉදිරිපත් කළ හැකිය.

            අ. තැපැල් මගින්

            ආ. කාර්යාලයට ගෙනවිත් භාර දීමෙන්

අයදුම්පත

නියමිත මුද්‍රිත අයදුම්පත ඉදිරිපත් කළ යුතුය. අයදුම් පත්‍රයෙහි අංකය ‘A32(A)’ වේ. අයදුම්පත වෙබ් අඩවියෙන් බාගත කළ හැකිය. A32(A) අයදුම්පත 

අයදුම්පත ඉදිරිපත් කිරීමට හිමිකම ඇති පුද්ගලයන්

අ. දේපළ අයිතිකරු

ආ. උනන්දුවක් දක්වන අයගේ නියෝජිතයකු

අයදුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ නියෝජියකු නම් බලය පැවරූ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

ගාස්තු

ගාස්තු ගෙවීම මුදලින් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ අංක 7041650 දරණ ගිණුමට බැරවනසේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ගෙවීම කළ හැකිය. බැංකු රිසිට්පත අමුණා එවිය යුතුය.

යම් ඉඩමකට අදාල යම් පත්ඉරුවක් හෝ පත්ඉරුවල පිටපත් හෝ උධෘත ලබා ගැනීම.

  • එක් පත්ඉරුවක් සඳහා සාමාන්‍ය සේවා ගාස්තුව - රු. 120.00
  • එක් පත්ඉරුවක් සඳහා කඩිනම් සේවා ගාස්තුව - රු. 200.00

විමසීම්

අදාල ඉඩම් රෙජිස්ට්‍රාර්ගෙන් විමසීම් කල හැකිය. කරුණාකර විමසීම් විස්තර බලන්න. contact-list

ඔප්පුවක සහතික පිටපතක් ලබා ගැනීම

ඔප්පුවක සහතික පිටපතක් ලබා ගැනීම

ඔප්පුවක සහතික පිටපත් නිකුත් කිරීම දිවයින පුරා ඇති ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 50 මගින් සිදු කරනු ලැබේ. අදාල නොතාරිස්වරයා විසින් සිය දෙවන පිටපත් භාර දෙන ලබන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් මෙම සේවාව ලබා ගත හැක.

රාජකාරි වේලාවන්

සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව.3.45 දක්වා (මුදල් කවුළු විවෘතව පවතින්නේ ප.ව 3.00 දක්වා පමණි.), සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හිදී කාර්යාල විවෘත කරනු නොලැබේ.

ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය

ලේඛණය ලියා සහතික කල නොතාරිස්වරයාගේ දෙවන පිටපත් භාර දෙනු ලබන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට අයදුම්පත ඉදිරිපත් කල යුතුය. පහත සඳහන් ආකාර වලින් අයදුම්පත ඉදිරිපත් කල හැකිය.

            අ. තැපැල් මගින්

            ආ. කාර්යාලයට ගෙනවිත් භාර දීමෙන්

            ඇ. මාර්ගගත ‍ක්‍රමයෙන් (https://online.land.rgd.gov.lk/)

අයදුම්පත

නියමිත මුද්‍රිත අයදුම්පත ඉදිරිපත් කල යුතුය. අයදුම් පත්‍රයෙහි අංකය ‘A32(B)’ වේ. අයදුම්පත වෙබ් අඩවියෙන් බාගත කල හැකිය. අයදුම්පත ‘A32(B)'

අයදුම්පත ඉදිරිපත් කිරීමට හිමිකම ඇති පුද්ගලයන්

අ. දේපළ අයිතිකරු

ආ. උනන්දුවක් දක්වන අයගේ නියෝජිත‍යෙකු

අයදුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ නියෝජියකු නම් බලය පැවරූ ලිපියක් ඉදිරිපත් කල යුතුය.

ගාස්තු

ගාස්තු ගෙවීම මුදලින් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ ලංකා බැංකුවේ අංක 7041650 දරණ ගිණුමට බැරවනසේ ඕනෑම ලංකා බැංකු ශාඛාවකට ගෙවීම කල හැකිය. බැංකු රිසිට්පත අමුණා එවිය යුතුය.

යම් ඉඩමකට අදාල යම් ඔප්පුවක පිටපතක් ලබා ගැනීම.

  • සාමාන්‍ය සේවය යටතේ එක් ඔප්පු පිටපතක් සඳහා ගාස්තුව - රු. 600.00
  • කඩිනම් (එක් දින) සේවය යටතේ ඔප්පු පිටපතක් සඳහා ගාස්තුව - රු. 1000.00

විමසීම්

අදාල ඉඩම් රෙජිස්ට්‍රාර්ගෙන් විමසීම් කල හැකිය. කරුණාකර විමසීම් විස්තර බලන්න. contact-list

ලේඛන සෙවීම

  • ඉඩමකට අදාල පත්ඉරු පරික්ෂා කර ගැනීමට එම ඉඩම පිහිටි ප්‍රදේ‍ශයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් සිදුකර ගත හැකිය.
  • ඔප්පුවක දෙවන පිටපත් පරික්ෂා කර ගැනීමට හා සහතික පිටපත් ලබා ගැනීම අදාල නොතාරිස්වරයා දෙවන පිටපත් ලබා දෙන ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් සිදු කරගත හැක.

ඉල්ලුම් කිරීමේ ක්‍රමය

නොතාරිස් හෝ ඔහුගේ බලයලත් නියෝජිතයකුට

සෙවිම් අයදුම්පත්‍රය

  • නියමිත මුද්‍රිත අයදුම්පත සම්පූර්ණ කර ඉදිරිපත් කල යුතුය.
  • ඉඩම් ලේඛණ පරික්ෂා කිරීම අයදුම්පත්‍ර ආකෘතිය A33(A)
  • ඔප්පු හා දෙවන පිටපත් පරික්ෂා කිරීමේ අයදුම්පත්‍ර ආකෘතිය A33(B)
  • අයදුම්පත්‍රය නොතාරිස්වරයා විසින් අත්සන් කර මුද්‍රාව තබා තිබිය යුතුය. නි‍යෝජිතයකු අයදුම්පත්‍රය ඉදිරිපත් කරන්නේ නම් බලය පැවරූ ලිපියක් ඉදිරිපත් කල යුතුය.

ගාස්තු

  • සෙවීම් ගාස්තු මුදලින් ගෙවිය යුතුය.
  • එක් ඉඩමක් සඳහා ගාස්තුව රු. 600.00

දෝෂ සහගතව ලියාපදිංචි වී ඇති ලේඛන නිවැරැදි කිරීම

  • ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී දෝෂ සහගතව ලියාපදිංචි වී ඇත්නම් එය නිවැරදි කර ගැනීම සඳහා 1927 අංක 23 දරණ ලේඛන ලියාපදිංචි කිරීමේ පනතේ 35 වගන්තිය අනුව අයදුම් කළ හැක.
  • එම ඉල්ලීම අදාළ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා වෙත අදාළ පාර්ශවයන් විසින් ලිඛිතව ඉදිරිපත් කළ යුතුය.
  • ඉදිරිපත් කළ යුතු ලේඛන, 
    • අවශ්‍ය නිවැරදි කිරීම සිදු කර ‌දෙන ලෙස ඉල්ලීම් ලිපිය
    • දෝෂ සහගතව ලියාපදිංචි කරන ලද ඔප්පුවේ මුල් පිටපත (මුල් පිටපත පරික්ෂා කිරීමෙන් පසු නැවත භාර දෙනු ල‍ැබේ.)
    • අදාළ ඔප්පුව ලියාපදිංචි වූ පත්ඉරු වල සහතික පිටපත්
  • අදාළ නිවැරදි කිරීම් සිදු කිරීමෙන් පසු අයදුම්කරුට දන්වනු ලැබේ.

ප්‍රතිකේෂේප කරන ලද ලේඛණ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීම

  • ඉඩම් රෙජිස්ට්‍රාර් විසින් ලේඛණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 36(1) හා (2) වගන්ති අනුව ප්‍රතික්ෂේප කරන ලද නීත්‍යානුකූල ලේඛණයක් එම පනතේ 38(2) වගන්ති යටතේ ප්‍රතික්‍ෂේප කළ දින සිට දින 30 ක් ඇතුලත රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත අභියාචනා කිරීම.
  • අභියාචනා කිරීමේ දී ඉදිරිපත් කළ යුතු ලේඛණ
    • ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ප්‍රතික්ෂේප කරන ලද ඔප්පුව
    • අභියාචනය
    • නිවැරදි කිරීම් ඇතුලත් දිවුරුම් ප්‍රකාශය (ඔප්පුව ලියා සහතික කර භාෂාවෙන් දිවුරුම් ප්‍රකාශය සකස් කල යුතුය)

           ඉහත දක්වා ඇති ලේඛණ අදාළ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඉඩම් රෙජිස්ට්‍රාර් වෙත භාර දිය යුතුවේ.

 

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk