hon dinesh gunawardenaගරු අග්‍රමාත්‍ය 
දිනේෂ් ගූණවර්ධන මහතා

 

 

mr pradeep yasrathne

ලේකම්
ප්‍රදීප් යසරත්න මහතා   
 
 
 
 
rg2   රෙජිස්ට්‍රාර් ජෙනරාල්
   ඩබ්.ආර්.ඒ.එන්.එස්.
   විජයසිංහ මහතා
 
 
 
 

ඉ-ජනගහණ ව්‍යාපෘතිය

1951 අංක 17 දරන උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ ප්‍රතිපාදන පවතිනුයේ උපතක් හෝ මරණයක් අතින් ලියා ලියාපදිංචි කිරීම් සඳහා වේ. නමුත් උපතක් හෝ මරණයක් අතින් ලිවීමේදී අත් අකුරු දෝෂ , ලිඛිත දෝෂ බොහෝ උප්පැන්න හා මරණ සහතිකවල දක්නට ලැබේ. එසේම විශේෂයෙන් උප්පැන්න සහතිකයක සංශෝධනයක් සිදු කිරිමෙන් පසුව එම සංශෝධනය සහතිකයේ දෘශ්‍යමාන වීම සහතිකය අත දරන්නාට බොහෝවිට පීඩාකාරී අත්දැකීමක් ද වේ.

එසේම උපත්, විවාහ හා මරණ ලියාපදිංචි කිරීමේ තොරතුරු දත්ත පද්ධතියක සටහන්ව නොමැති වීම නිසා උපත්, විවාහ හා මරණ තොරතුරු හුවමාරු කර ගැනීමේ කාර්යයන් වලදී වැඩි වශයෙන් කාලය හා ශ්‍රමය යෙදවීමට සිදුවන අතර එම තොරතුරු හරහා නිසි ප්‍රයෝජනයක් ගැනීමට ඇති හැකියාව ඇහිරී ගොස් තිබේ.

මෙම කාරණා මුල් කරගෙන ආරම්භ කරන ලද  රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන යටතේ සිවිල් ලියාපදිංචි කිරීම සම්බන්ධ තොරතුරු හා යාවත්කාලීන තොරතුරු  ඇතුළත් දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ තාක්ෂණික මග පෙන්වීම යටතේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව  ඉ-ජනගහන ලේඛන වැඩසටහන සකස් කිරීමට ආරම්භ කර ඇත.

ක්‍රියාත්මක වන අයුරු

උපතක් ලියාපදිංචි කිරීමේ දී දෙමාපියන්ගෙන් භාර ගන්නා ප්‍රකාශ පත්‍රයේ ඇති තොරතුරු  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයේ නිලධාරීන් විසින් ඉ-ජනගහණ ලේඛන පද්ධතියට ඇතුළත් කිරීම සිදු කරයි. එම ඇතුළත් කරන ලද තොරතුරු අඩංගු දත්ත පත්‍රිකාවක් දෙමාපියන් වෙතට යවා තහවුරු කර ගැනීම සිදු කරයි. ඉන්පසුව දත්ත පද්ධතිය හරහා පුද්ගලයාගේ ශ්‍රී ලංකා අනන්‍යතා අංකය / මගේ අංකය සහිත ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීම සිදු කරනු ලැබේ. මෙම  ශ්‍රී ලංකා අනන්‍යතා අංකය / මගේ අංකය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා ලබා ගැනීම සිදු කරනු ලැබේ.

මෙම දත්ත පද්ධතිය හරහා නිකුත් කිරීමට නියමිත ජාතික උප්පැන්න සහතිකයේ අඩංගු වන විශේෂ ලක්ෂණ පහත පරිදි වේ.

  • සෑම උපතක් සඳහාම “මගේ අංකය” ලෙසින් ඒකීය අනන්‍යතා අංකයක් ලබා දෙන අතර එය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී ජනනය කරන බැවින් ඉදිරියේ දී එම අංකය ජාතික හැඳුනුම්පත් අංකය ලෙසින්  භාවිත කිරීමට ද හැකියාව ලැබීම.
  • මෙම සහතිකය රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සනින්  නිකුත් වන බැවින් ජාතික උප්පැන්න සහතිකයක් ලෙසින් නම් කිරීම.
  • මෙම උප්පැන්න සහතිකය සිංහල/ඉංග්‍රීසි හෝ දෙමළ/ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කරන බැවින් ජාත්‍යන්තරව භාවිතා කිරීමට හැකි වීම.
  • සහතිකයේ ක්ෂණික ප්‍රතිචාර කේතයක් ඇතුළත් බැවින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම /විකෘති කිරීම ද වැළකීම.
  • විශේෂ ආරක්ෂිත උපාංග යෙදූ කඩදාසියක මුද්‍රණය කරන බැවින් වැඩි පිළිගැනීමක් ලැබීම.

ඒ අනුව නිල වශයෙන් සහතික කරන ලද සහ යාවත්කාලීන පුරවැසි තොරතුරු පද්ධතියක් පවත්වා ගැනීම තුළින් ඒ හරහා ශ්‍රී ලාංකිකයන්ට අදාළව ජනගහන ලේඛනයක් ගොඩනැගෙන අතර එම තොරතුරු රාජ්‍ය ආයතන අතර හුවමාරු කර ගැනීමට හැකියාව ලැබෙන බැවින් එමඟින් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු වනු ඇත.

 

ප්‍රාග්ධනය උත්පාදනය කිරීමේ මෙවලමක් ලෙස ඉඩම් උපයෝජනය සදහා ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ ගැටළු දිගු කාලයක් පුරා පවතින බාධකයක් වී‍ තිබේ. ලේඛන වෙත ප්‍රවේශය සදහා ඇති දුෂ්කරතා, දිගු කාලයක් ගැනීමට සිදුවන සොයා බැලීම් සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලවල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙම වැඩසටහන සඳහා බාධාවක් වී තිබේ. එහෙයින් ඉ -ඉඩම් රෙජිස්ටරයේ අරමුණ වනුයේ ඉහත ගැටළු සඳහා විසඳුම් සැපයීම හා ඉඩම් ලේඛන, තොරතුරු ලියාපදිංචිය, පෙළපත් තොරතුරු සකස් කිරිම සඳහා පහසුකම් සැපයීම වේ. එසේම ලේඛනවල ආරක්ෂාව තහවුරු කිරීම, සාමාන්‍ය මහජනයා සහ අනෙකුත් රජයේ ආයතන වෙත කඩිනම්, වඩා පහසු සහ ලාභදායී සේවාවක් සැපයීම, ඉඩම් ලියාපදිංචි කිරීමේ ‍තොරතුරු වෙත ප්‍රවේශය ඉහළ නැංවීම මගින් ව්‍යාපාර කිරීමේ දර්ශකයේ ශ්‍රී ලංකාවේ තත්වය ඉහළට ඔසවා තැබීම ද මෙහි  අරමුණු වේ.

new 2

ඇටෝර්නි බලපත්‍ර ලියාපදිංචි කිරීම

  • යම් තැනැත්තෙකු වෙනුවෙන් ඔහුව නියෝජනය කිරිමට, යම් කාර්යයක් ඉටුකිරීමට, ක්‍රියාවක් කිරීමට හෝ යම් වෙළදාමක් හෝ ව්‍යාපාරයක් කරගෙන යාමට එවැනි තැනැත්තෙකු විසින් තවත් තැනැත්තෙකුට බලය දිම සදහා ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කරගත හැක. ශ්‍රි ලංකාව තුල හෝ වෙනත් යම් රටක අත්සන් කරන සෑම ඇටෝර්නි බලපත්‍රයක්ම මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.
  • ශ්‍රි ලංකා‍වේදී ලියා අත්සන් කරන ලද්දක් නම් අත්සන් කරන ලද දින සිට එක් මාසයක කාලයක් ඇතුලතද, ශ්‍රී ලංකාවෙන් පිටතදී ලියා අත්සන් කරන ලද්දක් නම් අත්සන් කරන ලද දින සිට මාස 03 ක කාලයක් ඇතුළත ද ලියාපදිංචිය සඳහා මෙම දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
  • 1902 අංක 04 දරණ ඇටෝර්නි බලපත්‍ර ආඥා පනත අනුව ලියා සහතික කරන ලද දේශීය හා විදේශීය ඇටෝර්නි බලපත්‍ර, ඇටෝර්නි බලකරුගේ පදිංචි ලිපින නොසලකා ඕනෑම කලාප කාර්යාලයක හෝ දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයකට ලියාපදිංචිය සදහා ඉදිරිපත් කල හැක.
  • 2022 අංක 28 දරණ ඇටෝර්නි බලපත්‍ර සංශෝධන පනත අනුව ශ්‍රි ලංකාව තුලදි ලියා අත්සන් කරන විට සාක්ෂි කරුවන් දෙදෙනෙකු ඉදිරියේ ප්‍රසිද්ධ නොතාරිස් වරයෙකු විසින් ලියා සහතික කල යුතුය.
  • ශ්‍රි ලංකාවෙන් පිටතදි ලියා අත්සන් කරන විට සාක්ෂි කරුවන් දෙදෙනෙකු ඉදිරියේ සහ තානාපතිවරයෙකු හෝ මහකොමසාරිස්වරයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙකු හෝ කොන්සල් නිළධාරියෙකු හෝ එම රටේ නීතිය අනුව ඇටෝර්නි බලපත්‍රයක් ලියා සහතික කිරිමට බලය ලබා ඇති යම් තැනැත්තෙකු ඉදිරියේ ලියා අත්සන් කල යුතුය.
  • ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළයුතු ලියවිලි,
    • ඇටෝර්නි බලපත්‍රයේ මුල් පිටපත
    • ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විසින් සත්‍ය පිටපතක් බවට සහතික කරන ලද ඇටෝර්නි බලපත්‍රයේ පිටපතක්
    • 2022 අංක 28 දරණ ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනතේ, උපලේඛනයේ දක්වා ඇති පරිදි දිවුරුම් ප්‍රකාශය
    • ඇටෝර්නි බලපත්‍රයේ ප්‍රදානකරුගේ හා ලැබුම්කරුගේ ජාතික හැදුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රයේ නොතාරිස්වරයා විසින් සහතික කල පිටපත
    • විදේශයකදි ලියා සහතික කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් නම් ප්‍රදානකරු විසින්ම සහතික (අත්සන්) කරන ලද ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයේ ජීව පිටුවේ පිටපතක්

 

ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍ර අවලංගු කිරීම

  • ඇටෝර්නි බලපත්‍රයක් අවලංගු කිරිමට, ප්‍රදානකරු හෝ ඇටෝර්නි බලකරු අදහස් කරන විට එම අදහස අනෙක් පාර්ශවයට දැනුම් දිය යුතුය. අවලංගු කිරිමට අදහස් කරන පාර්ශවයේ අදහස ප්‍රකාශ වන පරිදි ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විසින් ලියා සහතික කරනු ලබන ලේඛනයක්, ඇටෝර්නි බලපත්‍රය ලියාපදිංචි කරන ලද කාර්යාලයට ඉදිරිපත් කල යුතුය. (2022 අංක 28 ඇටෝර්නි බලපත්‍ර සංශෝධන පනත අනුව)
  • ඉදිරිපත් කල යුතු ලේඛන,
    • ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විසින් ලියා සහතික කරන ලද අවලංගු කිරිමේ ලේඛනයේ මුල් පිටපත
    • ඇටෝ‌ර්නි ප්‍රදානකරුගේ හා ලැබුම්කරුගේ සම්පුර්ණ නම, ලිපිනය, හා ජාතික හැදුනුම්පතෙහි හෝ විදෙස් ගමන් බලපත්‍රයේ , රියදුරු බලපත්‍රයේ සහතික පිටපත
    • ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විසින් සත්‍ය පිටපතක් බවට සහතික කරන ලද අවලංගු කිරිමේ ලේඛනයේ පිටපත (මුල් පිටපත සමඟ ඉදිරිපත් කල යුතුයි.)
    • ලියාපදිංචි කරන ලද ඇටර්නි බලපත්‍රයේ මුල් පිටපත හෝ ලියාපදිංචි කරන ලද කාර්යාලයෙන් ලබාගත් සහතික පිටපත
  • ඇටෝර්නි බලපත්‍රයක ප්‍රදානකරුට වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ ඇටෝරනි බලපත්‍රය අවලංගු කිරීමට අවශ්‍ය වනවිටක අවලංගු කිරීමේ ල‍ේඛනයක් ඉදිරිපත් කරන තෙක් ඇටෝර්නි බලපත්‍රය අවලංගු කිරීමට අදහස් කරන බව‍ට වූ දැන්වීමක් රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කල හැක.

ගාස්තු

විස්තරය ගාස්තු (රු.)
සාමාන්‍ය කඩිනම් 
ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කිරිම 1750.00 2500.00
ඇටෝර්නි බලපත්‍ර හෝ ලියාපදිංචි කිරීමේ සටහන් පරීක්ෂා කිරීම සඳහා 600.00 1000.00
ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක උධෘත පිටපතක් නිකුත් කිරීම සඳහා 600.00 1000.00
ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක සහතික කරන ලද උදෘත පිටපතක් නිකුත් කිරීම සඳහා 600.00 1000.00
ලියාපදිංචි කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් අවලංගු කිරීම 1750.00 -
ඇටෝර්නි බලපත්‍රය අවලංගු කිරීමට අදහස් කරන බ‍වට වූ දැන්විම ලියාපදිංචි කිරීම 1000.00 -

Registration of movable and immovable properties

Eligibility                                                                                             

This service is being provided by the Registrar General s Department to the public at instances where either a

Movable or an Immovable property being registered under a new owner.

Instrument (Document)

Instrument (Document) shall be prepared according to provisions of the Notaries ordinance and Registration ordinance and other related laws.

Hours of business

9.00 a.m to 15.45 p.m, except on Saturdays, Sundays and public holidays

Submission procedure

Instrument (Document) should be tendered to the relevant Land Registry where the land is situated. Land or movable property situated in more districts than one may be presented for registration to the Registrar General. Instrument (Document) could be submitted on either of the following manners:

a. Being submitted through post

b. Being submitted by authorized person

c. Being submitted through a notary/ legal firms

 

Who may present document for registration

  1. Any person executing the document
  2. Any person claiming any interest or benefit thereunder
  3. Any person having any interest in or charge on any property affected thereby
  4. The agent of any such person or an attorney-at-law or notary acting on behalf any such person; letter of authority should be submit if the agent of any such person is presented document for registration

Instrument (Document) Required

  1. The original
  2. Duly attested or certified copy

In the case of a will, the probate or letters of administration with a copy of a will annexed shall be presented for registration.

Fee:

Registration fee can be paid in cash or should attached bank receipt which deposit fees to account no 7041650 of Registrar General’s account through any branch of Bank of Ceylon

  1. Every instrument of any kind whatsoever not expressly exempted :- Rs. 100.00
  2. For each land described in the Caveat, for each period of two years:- Rs. 2500.00
  3. An instrument presented to the Registrar General, In addition to any other fee payable:- Rs. 1000.00
  4. Appropriate un-cancelled stamp has to be affixed according to other related laws

Return of Instrument (Document)

To the person who presented document for registration or his agent

Process Timeline:

Time of obtaining the registration: 1- 7 working days

Steps

  1. Receive Instrument and registration fee
  2. Issue Day Book receipt and cash receipt
  3. Check compliance with related laws and regulations
  4. Register or refuse and endorse

Inquiries

Please contact Registrar of Lands in relevant land registry or Registrar General. (Pl see contact information)

 

Rectification of Registered Documents

  • Can apply for rectifications if the registered documents are written incorrectly in the Land Registry.
  • Relevant parties should submit a letter containing requests to the Registrar of Lands in the Land Rgistry where the documents are registered.
  • Documents should be submitted,
    • Copies of the folio recorded incorrectly
    • Affidavit containing how the rectification should be done
    • Original of the deed which recorded incorrectly
  • Land Regitry will do the corrections and inform the applicant.

Obtain a certified copy of  Registered document in the Land Registry

  • Can apply by post or personally from the relevant Land Registry.
  • Applications can be obtained from the Land Registry.
  • Fees chargeable for obtaining certified copies from Land Registry are as follows.
Description Price (Rs.)
Inspect the Land Register, index, deed or a document relating to a land 500.00
Issue extraxts relating to a folio 100.00
Issue certified copy of a deed 500.00

rgd-notary-banner

rgd-registrar-banner

rgd-land-banner

rgd-translate-banner

පුවත් සහ සිදුවීම්

ලිපිනය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව

234/A3,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමතන්න
+94 112 889 488 - 489

ලියන්න
info@rgd.gov.lk