දැනට සේවා සැපයීමේදී පවතින දැඩි තදබදයට පිළියමක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල කැස්බෑව ගම්පහ දිස්ත්‍රික්කයේ මහර හා වත්තල කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ හා නාරම්මල මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ යන ප්‍රදේශයන්හි නව ඉඩම් කාර්යාල 6ක් ස්ථාපනය කිරීමටත් දැනට පවතින කලාප කාර්යාල ප්‍රමාණය 9 දක්වා වැඩිකිරීමටත් මධ්‍යම ලේඛනාගාරය කටයුතු විමධ්‍යගත කිරීමටත් බලාපොරොත්තු වන බව නව රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්.එම්.එම්.බී වීරසේකර මැතිතුමා ප්‍රකාශකරන ලදි. මෙම වැඩ සටහන් කෙටි කාලීන මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් සිදු කිරීමට අදහස් කරන බව අද දින එනම් 2021.03.30 දින උදෑසන ජාතිකරූපවාහිනී නාලිකාව මගින් විකාශනය වූ ආයුබෝවන් සුභ දවසක් වැඩසටහනේදි එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි. එම සම්පූර්ණ වැඩ සටහන පහත දිගුවෙන් නැරඹිය හැක .
ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල වල තදබදයට විසදුම් කඩිනමින්
ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල වල තදබදයට විසදුම් කඩිනමින්
News & Events
- සංවර්ධන නිලධාරී සේවයේ III ශ්‍රේණියේ නව පත්වීම් ලබා දීම - 2021
- උප්පැන්න විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමේ ගාස්තු හා ප්‍රකාශ පත්‍ර සඳහා වන ගාස්තු සංශෝධනය කිරීම
- ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල වල තදබදයට විසදුම් කඩිනමින්
- භාවනා වැඩ සටහන 2021 මාර්තු
- රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 2021 වසර සඳහා සේවා පහසුකම් දීපව්‍යාප්ත කරයි